කටාන කොන්ගොඩමුල්ල ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගව ඝාතකාගාරයක් වැටලු මිගමුව කොට්ටාශ අපරාධ විමර්ශන අංශය ඝාතනයට සුදානම් කරතිබූ අයිතිය තහවුරු කිරීමට නොහැකිවූ එල ගවයන් 5 දෙනෙක් සහ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත
සොරකම් කරනලද බවට සැකකරන කිරි ගවයන් මරා මස් කර විකුණන නීතිවිරෝධී ගව ඝාතකාගාරයක් කොන්ගොඩමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනබවට කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක අෂේන් චාමිකර මහතාට ලැබුණු තොරතුරකට20 දින අලුයම් කාලයේදී මෙම වැටලීම සිදුකරනු ලැබිණි.
ඝාතනය කරතිබූ ගවයන් දෙදෙනකුගේ මස් කිලෝ 210 ක් සහ සතුන් මැරීම සදහා යොදා ගත් ආයුද සහ හරක් සම් විශාල ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇත.
කිරිගොවීන් විසින් තමන්ගේ කිරි ගවයන් නැතිවන බවට පැමිණිලි රාශියක් ඉදිරිපත්ව ඇතිබවද මෙම සතුන් සොරකම් කරන ලද ගවයන් දැයි පරීක්ෂා කරනබවද අයිතිකරුවන් සිටිනම් ඉදිරිපත්වන ලෙසද පොලිසිය ඉල්ලීමක් කරයි කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා සමග පොලිස් පරීක්ෂක රාජකරුණා පොලිස් පරීක්ෂක කරුණානායකපොලිස් සැරයන් 4866 බණ්ඩාර 60490සෙනවිරත්න 61836 ඉන්දික පොලිස් කොස්තාපල්වරුන් වන 48929 චන්දන 64621 සුමිත් 81319 කෝනාර 84546 නිමේෂ් 34292 නලින්ද 2309 සම්පත් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම වැටලීමට සහභාගී විය.
මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්සිගේරා මහතාගේ උපදෙස් පරිදි කොච්චිකඩේ පොලිසිය වැඩිදුරවිමර්ශන සිදුකරයි.