පාස්කු කොමිසමේ සම්පුර්ණ වාර්තාව ජනතාවට දැනගැනීමසදහා ප්‍රසිද්ධ කළයුතු බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසිය.
අගරදගුරු හිමිපාණන් මෙම අදහස් ප්‍රකාශ කලේ පාස්කු ප්‍රහාරයේ කොමිසන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරනු තවත් කමිටු එපා යයි ඉල්ලා සිටිමින් කටුවපිටිය දේවස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූ ප්‍රදේශ වාසින් අමතමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමියන්
මේ කොමිසමට දඩුවම් කිරීමට බලතල තියෙනවාකොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනලෙස උපදෙස් දී ඇත්තේ නීතිපති වරයාට නීතිපතිතුමා ඒවා ක්‍රියාත්මක කලයුතුයි නැවත ජනාධිපති වරයාගෙන් අහන්න අවශ්‍යතාවයක් නැහැ
උගත් කොමසාරිස් වරුන් පස්දෙනක් දීපු නිර්දේශ ගැන සාමාන්‍ය පෙළ සමත් නැතිඅයට තීරණ ගන්න දෙන්න පුළුවන් කමක් නැහැ.
ජනාධිපති තුමාට අපි කිවුවා පාස්කු ප්‍රහාරයෙන් මියගිය තුවලවූ අබාධිත වූ අයට සාධාරනය ඉටු කරන්න කියලා එතුමා එසේ කරනබවට පොරොන්දු උනා අපි ඒ සදහා එතුමාට බලය ලබදුන්න්නා
කමිටු වලින් කරන්නේ වාර්තාවෙන් කොටසක් එලිදරවුවිම වැළකීමයි.එම නිසා අපි ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා සම්පුර්ණ වාර්තාවමප්රසිද්ධ කරන්න කියලා.
මම කවදාවත් පාලකයෝ පැත්තේ සිටි කෙනෙක් නොවයි මම හැමදාම සිටියේ ජනතාවගේ පැත්තේ කොමිසන්සභා වාර්තාව අධ්‍යනය කරලා අපි සභාවක් හැටියට අපේ අයිති වාසිකම් වෙනුවෙන් ක්‍රියා මාර්ග ගන්නවා.
රජය ක්‍රියා මාර්ග නොගත්තොත් අපි අපේ ජ්‍යාතන්තර සංවිධන සමග එකතුවී කටයුතු කරනබවද කාදිනල් හිමියන් වැඩි දුරටත් පැවසිය.
ප්‍රදේශයේ දේවස්ථානවල පියතුමන් පිරිසක් ද සහ ප්‍රදේශවාසින් විශාල පිරිසක්ද මෙම අවස්ථවට එක්ව සිටියහ.
[…] […]