මිගමුව මහනගරසභා බල ප්‍රදේශයේ අඩු අදායම් ලාභීන්ගේ පාසැල්යන දරුවන්ට බෙදාදීම සදහා සුදානම් කරතිබූ පොත්වලින් කොටසක් අලවිකිරිම සදහා ලගතබාගෙන සිටි ව්‍යාපාරිකයෙකු රුපියල් 5000 ක මුදල් සහ ලක්ෂය බැගින්වූ පුද්ගල ඇප දෙකක් මත ඇපපිට මුදාහරින ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා 22 දින නියෝග කළේය.
මෙසේ ඇපමත මුදාහරිනු ලැබුවේ මිගමුව කෙලින් විදියේ පොත් කඩයක් පවත්වාගෙන යන බව කියන පස්ලින් මොහොමඩ් පර්ශාන් නමැත්තෙකි
මිගමුව නගරසභාවේ නාගරික මන්ත්‍රී ඒ රෝශාන් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරු සහ ඔහු සන්තකයේ තිබු රුපියල් 20 000 ක් වටිනා පිටු 60 සිට පිටු 160 දක්වා වන සි ආර් පොත් 307 ක් අත්අඩංගුවට ගෙන සාපරාධි පරිහරණය කිරීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවට පමුනවනු ලැබිණි.
මෙම සිද්ධිය පිලිබදව තවදුරටත් විමර්ශන සිදුකරන බව මිගමුව පොලිසිය වෙනුවෙන් පැමිණිල්ල මෙයවමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ පොලිස් කොස්තාපල් නවරත්න බණ්ඩාර මහතා පැවසිය.
වැඩිදුර විභාගය අගෝස්තු මස 23 දින දක්වා කල් තැබිණි
[…] […]