24 C
Negombo
24 C
Negombo

නගර සභාවේ පොත් විකුණු සැකකරුට ලක්‍ෂයක ඇප –

-

මිගමුව මහනගරසභා බල ප්‍රදේශයේ අඩු අදායම් ලාභීන්ගේ පාසැල්යන දරුවන්ට බෙදාදීම සදහා සුදානම් කරතිබූ පොත්වලින් කොටසක් අලවිකිරිම සදහා ලබාදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් අයෙකු රුපියල් 5000 ක මුදල් සහ ලක්‍ෂයක පුද්ගල ඇපයක් මත ඇපපිට මුදාහරින ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ඩි ජයනාත   මහතා අද  23  දින නියෝග කළේය.

මෙසේ ඇපමත මුදාහරිනු ලැබුවේ මිගමුවවිශ්වාශය කඩකිරීම සාපරාධි පරිහරණය යන චොදනා යටතේ මිගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන්  අධිකරණය හමුවට පැමිණවූ   වැල්ලවීදියේ පදිංචිකරුවෙකු බව කියන ෂේන් ප්‍රනාන්දු නමැත්තෙකි.

මිගමුව නගරසභාවේ නාගරික මන්ත්‍රී ඒ රෝශාන්  ප්‍රනාන්දු මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් මිගමුව කෙලින් විදියේ  පොත් වෙළද සලක  තිබු නගර සභාවේ නිල ලාංජනය සහිතව ප්‍රදේශයේ අඩු අදායම් ලාභීන්ගේ පාසැල්යන දරුවන්ට බෙදාදීම සදහා සුදානම් කරතිබූ රුපියල් 22 000 ක් පමණ වටිනා  පිටු 60 සිට පිටු 160 දක්වා වන  සි ආර් පොත් 307 ක් කඩ හිමියා අත්අඩංගුවට ගෙන සාපරාධි පරිහරණය කිරීමේ චෝදනාව යටතේ අධිකරණය හමුවට පමුනවනු ලැබීමෙන් පසු ඊයේ 22 දින ඔහු ඇපපිට මුදාහරිනු ලැබිය.

එම ව්‍යාපාරිකයා විසින් හෙලිකල තොරතුරු අනුව ඔහුට පොත් අලවිකල සැකකරු   අත්අඩංගුවට ගෙන් සිදුකල ප්‍රශ්න කිරීම් වලදී තමන් පාසැල් දරුවන්  කිහිපදෙනකු බෙදා දීමට නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙකුගෙන් පොත් ඉල්ලාගත් බව ප්‍රකාශ කර ඇත

පාසැල් ළමුන්ට ඒ වනවිට අභ්‍යාස පොත් ලැබී තිබුන බැවන් එම සිසුන්ට කෑම පෙට්ටි සහ වතුර ගෙනයන  බෝතල්  ලබාගැනීම සදහා කඩහිමියාට පොත් තොගය ලබාදුන් බව ප්‍රකාශ කලද පෙරදින අධිකරණය හමුවට ඉදරිපත් කල වෙළද සැලේ හිමිකරු රුපියල් 21500 කට පොත් මිලදී ගත්බවට සාක්‍ෂි මගින් ඔප්පු කළහැකියි.

රජය මොනවිදියට සුබසාධක කටයුතු සදහා මුදල් වෙන්කලත් මෙවැනි වංචනිකයන් නිසා ඒවා ලැබියයුතු දුගී දුප්පත් ජනතාවට ලැබෙන්නේ නැහැ 

සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ වන බවත් මාර්තු 9 දින දක්වා රක්‍ෂිතබන්ධනාගාර ගතකරන ලෙසත්  පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ මිගමුව පොලිසියේ  නවරත්න බණ්ඩාර 53885 මහතා පැවසිය.

ඉදිරි පත්වූ සියලු කරුණු සැලකිල්ලට ගත් වැඩබලන මහේස්ත්‍රාත් චරිත ඩි ජයනාත මහතා සැකකරු ඇපපිට මුදාහරින ලෙස  නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා සමග වත්සලා උළුවඩුගේ මත්මිය පෙනීසිටි යේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.