මිගමුව මහ නගරසභා බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 වැඩි පුරවැසියන් සදහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම මෙම මස 26 වනදා සිට ආරම්භකිරීමට සැලසුම් කර ඇතිබව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පවසයි.
මධ්‍යස්ථාන හතරකදී පෙබරවාරි 27 දිනසිට මාර්තු 4 දින දක්වා වයස 60 ට වැඩි 6730 දෙනෙකුට එන්නත ලබාදීමට සැලසුම්කර ඇත .
මේ අනුව 27 ,28 ,සහ 1 දින වැල්ලවීදියදකුණ සහ මුනක්කරය උතුර පදිංචි කරුවන් සදහා වැල්ලවීදිය සායනයේදී කුරණ සහ බෝලවලාන ප්‍රදේශවාසින් වෙනුවෙන් .මාර්තු 1,2,3 දිනවල ගල්කන්ද හංදිය සායනයේදී උඩයාර් තෝප්පුව සහ අගුරුකාර මුල්ල කොට්ඨ්ශ සදහා මෙම මස 26,27 ,28 දිනවල සහ පෙරියාමුල්ල සහ කුඩාපාඩුව උතුර එන්නත් කිරීම කුඩා පාඩුව සායනයේදී මාර්තු 2 , 3, 4 ,දිනවල සිදු කිරීම සදහා යෝජනා කර ඇත.
අනකුත් කොට්ඨාශ සදහා දින නියම කර එන්නත ලබාදීමට කටයුතු කරන බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා පවසයි
[…] […]