31 C
Negombo
31 C
Negombo

දෙවුමැදුරේ පඩුරු පෙට්ටි කැඩූ හොරු CCTV ත් ගලවාගෙන ගිහින්

-

මිගමුව වැල්ලවීදියේ ශාන්ත සෙබස්තියන්  දෙවුමැදුරේ පඩුරු පෙට්ටි කඩා  සිදුකර ඇති  සොරකම් පිලිබදවමිගමුව පොලිසියේ අපරාධ  විමර්ශන  අංශය විසින් පරීක්ෂණ ආරම්භකර ඇත.

දැනට සිදුකර ඇති මුලික විමර්ශන වලින් අනාවරණය වී ඇති තොරතුරු අනුව දේවස්ථානය තුල සැගවී සිට රාත්‍රී කාලයේ මෙම සොරකම සිදුකර ඇතිබවට පොලිසිය සැකපලකරයි.

සොරුන් විසින් දේවස්ථානය තුල සවිකර තිබු ආවේක්ෂණ කැමරා (CCTV)පද්ධතියේ පටිගත වීම් සටහන්වන (DVR) යන්ත්‍රය ද ගලවාගෙන ගොස් ඇත

ගරු ඔස්ටින් අජිත් රෙස්ලි සිල්වා පියතුමා විසින් අද 2 දින  සිදුකර ඇති  පැමිණිල්ලට අනුව සොරකම් කර ඇති . DVRයන්ත්‍රයේ වටිනාකම රුපියල් 28000 කී.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේර මහතාගේ උපදෙස් අනුව   මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උදයකුමාර වුල්ටර් මහතාගේ මෙහෙයවීමෙන්  අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ එම එස් ජයනාත් මහතා .ඇතුළු නිලධාරින් විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.