31 C
Negombo
31 C
Negombo

මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී සම්පායෝ එරෙහි නඩුව මැයි 25 ට කල්යයි

-

අධිචෝදනා චෝදනා 90ක් යටතේ මිගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී දීපාල් අනුරුද්ධ සම්පායෝ ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකු කුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව මැයි මස 25 දින යලි කැදවීමට මිගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු ආර් ඩි පී  පී  රත්නායක මහතා  නියෝගකළේය

මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය කලේ එම නඩුව අද 2 දින මිගමුව මහාධිකරණයේදී කැදවූ අවස්ථාවේදීය.

.මෙම නඩුවේ  අනෙක් විත්තිකරුවන් වුයේ හිටපු ප්‍රධාන ජේලර් උපාලි සරත්චන්ද්‍ර බණ්ඩාර වැඩබලන දෙවන පෙළ ජේලර් නිශාන්ත සේනාරත්න  දෙවනපෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කලුඅග්ගල බන්ධනාගාර නියාමකඑස් ඒ සමර වික්‍රම සහ පිටස්තර පුද්ගලයන් දෙදෙනෙකු වන එස් කේ ඔගස්ටින් සහ තුවාන් රශ්මි ඩින් යන අයයි.

කුටලේඛන සැදීම බන්ධනාගාරය තුලට තහනම් ද්‍රව්‍ය ගෙනයාම ඊට අනුබල දීම ඇතුළු චෝදනා 90 ක් යටතේ විතිකරුවනට එරෙහිව නීතිපති වරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණි.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ මනේෂ් වෑවිට දන්ත නිරංජන චාමර ජයසිංහ අශෝක වීරසුරිය මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක් සමග ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනීසිටි අතර  වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පැමිණිල්ල වෙනුවෙන්  පෙනිසිටියේය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.