වලංගු බලපත්‍රයක් නොමැතිව බෝර 12 හේ තුවක්කුවක් ජිව උණ්ඩ සහ වායු පිස්තෝලයක් සමග කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විශේෂ කාර්යය බළකාය විසින් 1 දින පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත
ලැබුණු තොරතුරකට අනුව ගෝනහේන විශේෂ කාර්යය බළකා කඳවුරේ නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ
අත් අඩංගුවට ගන්නා ලද බෝර 12 වර්ගයේ ගිනි අවිය සදහා 2013 වර්ෂයට සැකකරුගේ නමින් බලපත්‍ර ලබාගෙන ඇති අතර ඉන් පසු බලපත්‍ර අළුත් කරවාගෙන නොමැත. වායු පිස්තෝලය ලබා ගැනීම සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට සැකකරු අපොහොසත් වී ඇත.
අත්අඩංගුවට ගත් මීගමුව පාර, කුරණ, කටුනායක පදිංචිකරුවෙකු බව කියන සැකකරු සහ ගිණිඅවි වැඩිදුර විමර්ශන සදහා සිදුව පොලිස් ස්ථානයට බාරදී ඇත.
[…] post අනවසර ගිනිඅවියක් සමග කටුනායකදී ව්යා… appeared first on Negombo […]