31 C
Negombo
31 C
Negombo

බැංකු නිලධාරියාගේ බිරිද පැහැර ගැනීමට උත්සාහකල FACE BOOK මිතුරා රිමාන්ඩ්

-

මුහුණු පොතෙන් හිතවත්වූ  බැංකු නිලධාරියෙකුගේ රූමත් බිරිද මිගමුව නගරයේදී පැහැරගැනීමට උත්සාහකලබව කියන මෝටර්රථ අලංකරණ ශිල්පියෙකු මෙම මස 8 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් නිශේන්ද්‍ර ඒකනායක මහතා 2 දින නියෝග කළේය.

මෙසේ ඇප ප්‍රතික්‍ෂේප වී රක්‍ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ මිගමුව කුරණ පදිංචිකරුවෙකු බවකියන සමිත් ප්‍රනාන්දු නමැත්තෙකි.

මෙම බැංකු නිලධාරියාගේ බිරිද නිතර  මුහුණු පොත පරිහරණය කිරීම සිදුකරන අතර එමගින් වාහන අලංකරණ කටයුතු සිදුකරන  (modofi) සැකකරු හදුනා ගැනීමට ලැබී ඇත.

මෙම කාන්තාව විසින්  තමන්ගේ මෝටර් රථයේ අලංකරණ කටයුතු සිදුකර ගෙන ඇත්තේ ද  මුහුණු පොතෙන් හදුනාගත්  මෙම සැකකරුට අයත් වාහන අලංකරණ කටයුතු මධ්‍යස්ථානයෙනි.

පැමිණිල්ලේ සදහන් වන පරිදි  මෙම කාන්තාව මිගමුව නගරයට පැමිණි අවස්ථාවක සැකකරු විසින්ඇය පැහැර ගැනීමට උත්සාහ කර ඇත.

මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුනවනු ලැබිය.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.