28 C
Negombo
28 C
Negombo

නොමිලේ ලිංගික සේවය ලබාදුන් විධායක නිලධාරියාට ලක්‍ෂ හතරක ඇපයක්

-

මුහුණු පොත මගින් ආරාධනා කර  විවාහක කාන්තාවන් සහ  පිරිමින් වරදට පොළබවා ගැනීම සහ අයාලේ යාමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි  45  ස් හැවරදි විවාහකයෙකු ලක්‍ෂ හතරක පුද්ගල ඇප මත මුදාහරින ලෙස මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ටි එන් එල් මහවත්ත මහත්මිය 6 දින නියෝග කළේය.

මෙසේ ඇප පිට මුදා හරිනු ලැබුවේ මීගමුවේ පුද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු බව කියන කුලියාපිටියේ පදිංචි කරුවෙකි

ස්වාමිපුරුෂයාගෙන් ලිංගික තෘප්තිය නොලැබෙන   විවාහක කාන්තාවන්ට සහ සමලිංගික සේවනයට කැමති විවාහක  පිරිමින්ට ලිංගික තෘප්තිය ඉහලින්ම ලබාදෙන බවට මුහුණු පොතේ පලවන දැන්වීමක් පිලිබදව මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාට ලැබුණු තොරතුරකට අනුව  මිගමුව කොට්ටාශයේ අපරාධවිමර්ශන කාර්ය අංශයේ ස්ථානාධිපති සම්පත්දිසානායක මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකල දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු කුරණ දී අත්අඩංගුවට ගෙන තිබිණි.

මොහු අත්අඩංගුවට ගැනීම සදහා සැලසුම් කල පොලිස් පරීක්ෂක සම්පත්දිසානායකමහතා මුහුණු පොතේ පලවතිබු සැකකරුගේ දුරකථන අංකයට අමතා ඔහුගේ සේවය ලබාගැනීම සදහා හමුවීමට අවශ්‍ය බව දනවා ඇත

කොළබ හලාවත පාරේ කුරණ පිහිටි හෝටලයක් අසලදී  මුණගැසීමට සැකකරු යෝජනා කර ඇති අතර විවාහක යුවලක් ලෙස සැරසී  පොලිස් නිලධාරියෙකු සහ කාන්තා පොලිස් නිලධාරිනියක් සැකකරු සදහන් කල වෙලාවට හෝටලය අසලට ගොස් ඇත.

පොරොන්දු වූ පරිදි සැකකරු නියමිත වෙලාවට යුවල හමුවීමට  පැමිණ තිබේ මේ අවස්ථාවේදී  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තමන් මුහුණු පොතේ පලකල දුරකතන අංකයට කථාකර තමන්ගේ සේවය ඉල්ලාසිටි අයසමග ඒ අයගේ නිවෙස් වලදීම ඒ අයගේ කැමැත්ත මත ලිංගික ක්‍රියාකර කම්වල  යෙදුනු බව  සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කල බව පොලිසියේ ආරංචිමාර්ග පවසයි.

සැකකරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ වත්සලා උළුවඩුගේ මහත්මිය පෙනීසිටි අතර මිගමුව පොලිසියේ අපරාධවිමර්ශන අංශයේ 53883 නවරත්න බණ්ඩාර මහතා පැමිනිල වෙනුවෙන් කරුණු දැක්විය

වැඩිදුර ව්භාගය මැයිමස 16 වන දිනට නියමවිය.

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.