28 C
Negombo
28 C
Negombo

මිගමුව රෝහලේ වෛද්‍ය වරයෙක් පණපිටින් රෝගියෙක් මෝචරියට යවලා

-

නොසැලකිලිමත් කම නිසා වෛද්‍ය වරයෙකු විසින් පනතිබෙන  රෝගියෙකු මියගියබවට සටහන් තබා  මෘතශරීරා ගාරයට යොමුකල   පුවතක් මිගමුව දිස්ත්‍රික් මහරෝහලෙන් වාර්තාවේ.

අද උදැසන 0510 ට පමණ දුන්ගාල් පිටියේ  මැද පිටිපන  පදිංචි  45 හැවරදි අයෙක් හදිසි   අසනීප වී    ප්‍රතිකාර සදහා ඔහුගේ බිරිද  විසින් මිගමුව මහරෝහලේ මුලික ප්‍රතිකාර අංශයට  ඇතුලත් කර ඇත.

එම අංශයේ සිටි වෛද්‍යවරයෙකු විසින් මෙම රෝගියා පරික්ෂාකර බලා රෝගියා මියගොස් ඇතිබව ඥාතීන්ට දන්වා රෝගියා ඇතුලත්  කිරීමේ ලේඛනයේ රෝගියා මියගොස් ඇතිබවට  සටහනක් තබා මෘත දේහය මෘතශරීරා ගාරයට යොමුකර මෙම හදිසි මරණය පිලිබදව රෝහල් පොලිසියටද දැනුම්දී ඇත.

ට්‍රොලියක තබා මෘතශරිරාගාරයට යොමුකළ සිරුර අසල ඥාතීන් හඩාවැටෙමින් සිටයදී මියගිය බව කියූ රෝගියාගේ අතක් සෙලවී ඇත.

මෙයදුටු ඥාතීන් එම ස්ථානයේ සිට කෑගසා රෝහල් කාර්ය මණ්ඩලය ගෙන්වාගෙන රෝගියා රෝහලේ 4 වන වාට්ටුවට ඇතුලත්කර ඇත

මොහු රෝගී තත්වයට පත්ව ඇත්තේ  රුධිරයේ සිනි මට්ටම අඩුවීමේ හේතුවෙන් නිසා  බව ද දැනගන්නට ඇත.

මෙම සිද්ධිය සම්බන්දයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර ඇත

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.