29 C
Negombo
29 C
Negombo

ගල්කන්ද හන්දියේ කාර්යාලයකින් කොරෝනා ආසාදිතයන් 4 දෙනෙක් හමුවේ

-

මිගමුව ගල්කන්ද හංදිය අසල තල්දුව පාරේ කෘෂිකාර්මික යන්ත්‍ර අලවිකරණ ආයතනයක කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු සදහා සිදුකරන ලද PCR පරීක්ෂණ වාර්තාවලින් ඔවුන් අතරින් 4 දෙනෙකුට  කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇතිබව තහවුරු වී ඇති බව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වසන්ත සෝලංග ආරච්චි මහතා පවසයි.

ආසාදිතයන්රෝහල් වෙත යොමුකර  ආශ්‍රිතයන් නිරෝධායනයට  පියවරගෙන ඇත.

කොරෝනා අවදානම තවමත් පවතින බැවින්අසාදිතයෙකු නොවී සිටීමට  සෞඛ්‍ය අංශ විසින් ලබාදී  ඇති උපදෙස් අකුරටම පිළිපැදීම අත්‍යාවශ්‍ය බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් අවුරුදු උත්සව සහ සාද පැවැත්වීම සිදුකරන ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නිත්‍යානුකුල පියවර ගනුලබන බව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන කේ යු කේ ගුණරත්න මහතා පවසයි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.