26.9 C
Negombo
26.9 C
Negombo

මීගමුවේ ඔක්සිජන් දුපත අගරදගුරු නිකුලස් මාකස් ප්‍රනාන්දු ක්‍රීඩාංගනයලෙස නම්කරයි

-

ආන්දෝලනාත්මක  ඔක්සිජන් කතාව කරලියට ගෙනා ගම්පහ දිසාවන  නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය එක රැයකින් ජනප්‍රිය රාජ්‍ය නිලධාරිනියක් බවටපත්කළ මිගමුව කුට්ටිකාඩුව දුපත ප්‍රදේශ වාසීන් විසින්අගරදගුරු නිකුලස්  මාකස් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය ලෙස නම් කිරීමට පියවර ගෙන ඇත.

දුපතේ  ගොඩගසා තිබු පස් ඉවත්කිරීමට සකස්කළ තාවකාලික පාරේ දෙපස වැටක් ඉදිකර ඇති අතර ක්‍රීඩා කිරීමට දුපතේ ක්‍රීඩාංගනයට  යන දරුවන්ගේ ආරක්ෂාව සදහා මෙම අත්වැට ඉදිකළ බව ප්‍රදේශ වාසීන් පවසයි.

මිගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය විසින් මෙම දුපතේ ගොඩගසන ලද පස් ඉවත්  කරවීමට වන සංරක්ෂන නිලධාරීන්  විසින්  අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති   අතර ප්‍රදේශ වාසීන්ගේ විරෝධය හමුවේ පස් ඉවත්කිරීට පැමිණි නිලධාරීන්ට එම කටයුතු අවස්ථා කිහිපයකදී අත්හැර දැමීමට සිදුවිය

රාජ්‍ය නිලධරීන් සහ   මහජන නියෝජිතයන් සමග  ප්‍රදේශ වාසීන් මෙම ගැටලුව විසදාගැනීමට සාකච්චා කිහිපයක් පැවැත්වූ අතර මිගමුව සංවර්ධන කමිටුවේදී මෙම දුපතේ ප්‍රදේශයේ දරුවන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමට තීරණය කරනලද බව දැනගන්නට ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.