29 C
Negombo
29 C
Negombo

මිගමුව රෝහලට සෙමට බෙහෙත්ගන්නආ 80 %ක් කොරෝනා ආසාදිතයන්- GMOA

-

මීගමුව මහ රෝහලේ කායික රෝග අංශයට ඊයේ දිනයේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සෙම්ප්‍රතිශ්‍යා රෝගීන් සඳහා සිදුකල  කල කොරෝනා පරීක්ෂණ වලින් 80%ක්ම ආසාදිතයන් ලෙස  හඳුනා ගැනීම දරුණු දරුණු අවදානම් සහගත තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි

මෙම තත්ත්වය මත ගම්පහ දිස්ත්‍රික්කයේ ඉදිරි දෙසතිය තුළ  කොරෝනා ආසාදිතයන්වාර්තාවීම අනපේක්ෂිත ලෙස සීග්‍රයෙන් ඉහළ යාමේ අවධානමක් ඇතැයිද  ලේකම් වරයා  පවසයි.

මෙම අවදානම් සහගත තත්වය නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහල් පද්ධතිය කඩාවැටීමේ තත්ත්වයක් නිර්මාණය විය හැකි  බවත් එම තත්වය මග හරවා ගැනීමට වහා සැළසුම් සකස් කළ යුතු ඇති බවත්   ප්‍රකාශ කරන වෛද්‍ය ෂෙනාල් ප්‍රනාන්දු මහතාදැනට ගම්පහ   දිස්ත්‍රික්කයේ සිටින අවදානම් අඩු කොරෝනා ආසාදිතයන් නිවෙස් තුළම රඳවා වෛද්‍ය අධීක්ෂණය යටතේ රැඳවීම සුදුසු බවද  පෙන්වා දෙයි.

මෙම අවදානම් සහගත තත්ත්වය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී ඇතැයිද ඔහු තව දුරටත් ප්‍රකාශ කරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.