28 C
Negombo
28 C
Negombo

ඇල මාර්ග අවහිරකර ඇති සියලු ඉදිකිරීම් ඉවත්කරනවා -සභාපති කටාන ප්‍රාදේශීය සභාව

-

කටාන ප්‍රදේශීය සභා බලප්‍රදේශයේ ඇළමාර්ග අවහිර කරමින්  අනවසයෙන් සිදුකර  ඇති සියලු ඉදිකිරීම් ඉවත් කිරීමට මෙම වසරතුල පියවර ගනුලබන බව  කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජයරත්න ද සිල්වා මහතා පවසයි

සභාපතිවරයා මෙම අදහස් පලකලේ කෝවින්න රාහුල මාවතේ ඇල මර්ගයක් අවහිර කරමින් ඉදිකර තිබූ තාප්ප කඩා ඉවත්කර ඇල මාර්ගය යලි සකස්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අඩි 12 ක් පමණ පළලකින් යුක්ත මෙම ඇල මාර්ගය ස්ථාන හතරිකින් අවහිරකර   ව්‍යාපාරිකයෙකු විසින්  තාප්ප ඉදිකර තිබුණි.

2010 වසරේසිට මෙම අනවසර ඉදිකිරීම් නිසා  මෙම ප්‍රදේශයේ පවුල් 50 ක් පමණ  පදිංචි නිවාස වැසිජලයෙන්   යටවී ඇත.

පසුගිය දිනවල මෙම ප්‍රදේශයට  ඇදහැළුණු අධික වර්ෂාවත් සමග යළිත්වරක් නිවාස ජලයෙන් යටවී ඇතිඅතර ප්‍රදේශවාසීන් විසින් සිදුකල පැමිණිල්ලකට අනුව ප්‍රදේශිය සභාවේ සභාපතිවරයාට පැවරී ඇති බලතල අනුව අදාළ අනවසර ඉදිකිරීම් ඉවත්කර ඇත.

කටාන ප්‍රාදේශීය සභාබල ප්‍රදේශයේ ස්වභාවික ඇළමාර්ග අවහිරකරමින් සිදුකර ඇති ඉදිකිර්ම් පිලිබදව තොරතුරු ලිඛිතව තමාවෙත ලබාදෙන ලෙස සභාපති වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.