28 C
Negombo
28 C
Negombo

මීගමුවේ විකුනන්න පාපැදියේ කුඩු ගෙනත්

-

මාර්ග බාධක මගහරිමින් අතුරු පාරවල් ඔස්සේ වැල්ලම්පිටියේ සිට පාපැදියකින් මීගමුවට හෙරොයින් රැගෙන විත්  ඒවා බෙදාහරිමින් සිටි මත්ද්‍රවය ජාවාරම් කරුවෙකු සමග තවත්  ජාවාරම් කරුවන් දෙදෙනකු රුපියල් 240,000 ක පමණ වෙළදපොල වටිනාකමක් ඇති හෙරොයින් සමග ඇලස් පාරේදී සහ වැල්ලවීදියේ දී    මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකය විසින් අද 10 දින අත්අඩංගුවට ගෙන ඇත.

මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රත්නායක මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ

මිගමුව වැල්ලවීදියේපදිංචි කරුවෙකු බව්කියන 34 හැවරදි  අසේල නැමති සැකකරු  හෙරොයින් මිලිග්‍රෑම් 2600 ක්සමග ද ඇලස් පාරේ පදිංචිකරුවෙකු වන39 හැවරදි  සුරංග  නමැති සැකකරු හෙරොයින් මිලිග්‍රෑම් 6200 ක් සමග සහ වැල්ලම්පිටියේ වෙහෙරගොඩල්ලේ  පදිංචි කරුවෙකු වන 26 වියැති ලහිරු නිමේෂ් නමැති සැකකරු හෙරොයින් මිලිග්‍රෑම් 2400 ක් සමගද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීමට උපපොලිස් පරීක්ෂක රෝහණ පොලිස් කොස්තාපල්වරුන් වන 38339 තුෂාර 77769 ප්‍රනාන්දු යන නිලධාරින්ද සහභාගිවී ඇත.

මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති උදය කුමාර වුල්ටර් මහතාගේ අධික්ෂණය යටතේ සිදුකරන වැඩිදුර විමර්ශන වලින් අනතුරුව සැකකරුවන් අධිකරණයට ඉද්දිරිපත් කිරීමට නියමිතය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.