28 C
Negombo
28 C
Negombo

මිගමුව එජාප මන්ත්‍රීවරු පිරිසක් කෙසෙල් ඇවරිය සමග එක්වෙයි

-

මිගමුව මහානගරසභාවේ  නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික නිදහස් පෙරමුණ සමග සංධාන ගතවී ඇතිබව අපගේ දේශපාලන ආරංචිමාර්ග පවසයි .

මෙම කණ්ඩායමට එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රීවරියක් සහ නාගරික මන්ත්‍රීවරු පස්දෙනෙකු දැනට සම්බන්ධවී ඇත.

මෙම පිරිස නගර සාභාවේ මාසික මහාසභා රැස්වීමට පෙර  එක්සත් ජාතික නිදහස් පෙරමුණ නාගරික මන්ත්‍රී කපිල නන්ද සුලෝචන මහතගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායම් රැස්වීමක් පවත්වානවන බවත්  එහිදී ගනුලබන තීරණ අනුව ඔවුන් මහා සභාවේදී කටයුතු කරනබවද  දැනගන්නට ඇත

පසුගිය පලාත්පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර නාගරික මන්ත්‍රීවරුන් වශයෙන් පත්වූ මෙම අයගෙන් පිරිසක් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී  සමගි ජනබල වේගයට එකතුවූ අතර එක්සත් ජාතික පක්ෂය විසින් මේ වනවිට ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයේදී කපිල නන්ද සුලෝචන මහතාගේ සහයෝගය ලැබුනේ  ශ්‍රීලංකා පොදුජන පෙරමුණට වන  අතර ඔහුසමග සංධානගතව සිටින එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිස මීලග පලාත්පාලන මැතිවරණයේදී  වෙනම කණ්ඩායමක් ලෙස තරග කිරීමට  සැලසුම් කරනබවද දැනගන්නට ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.