28 C
Negombo
28 C
Negombo

කටාන ප්‍රාදේශීය සභාවේ ම්ලියන 40 ක ස්ථාවර තැන්පතු මුදල් කිරීමේ යෝජනාව පරාදයි

-

කටාන ප්‍රාදේශීය සභාවේ ම්ලියන 40 ක් ස්ථාවර තැන්පතු මුදල් කිරීම සදහා ඉදිරිපත්වූ යෝජනාවක් 9 දින  පැවති මහා සභා රැස්වීමේදී වැඩි ජන්දයෙන් පරාජයට පත්විය

යෝජනාවට පක්ෂව ජන්ද 16 ක්ද විපක්ෂව ජන්ද 18 ක් ද ලැබුණි මේ අනුව යෝජනාව වැඩි ජන්ද දෙකකින් පරාජයට පත්විය.

මෙහි විශේෂත්වයක් වුයේ පාලක ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් ද යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශකරද්දී එක්සත්ජාතික පක්ෂයේ සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනාවට පක්ෂව ජන්දය ලබාදීමයි.

නන්ද විජයරත්න .සිල්වා සභාපති වරයාගේ ප්‍රධානත්වයෙන් මාසික රැස්වීම ප්‍රාදේශීය සභා භුමියේ ඉදිකළ තාවකාලික කුඩාරමක  නිරෝධායන රෙගුලාසි අනුව පැවැත්වුවිනි.

වලිසිංහ හරිස්චන්ද ක්‍රීඩාංගනයේසහ රංග ශාලාවේ  ඉදිකිරීම් අවසන් කිරීම සදහා අවශ්‍ය 69117300 මුදල ලභාගැනීම  සදහා ස්ථාවර තැන්පතු මුදල් කිරීමේ යෝජනාව සභාපති වරයා විසින් ම්හාසභාවට ඉදිරිපත් කර තිබුණි.

ඉංජිනේරු කාර්යන් පිළිබද මධ්‍යම උපදේශක කර්යාංශය විසින් මෙම  ඉදිකිරීම් අවසන්කිරීමට 69117300 ඇස්තමෙන්තුවක් ඉදිරිපත්කර ඇතිබව සභාපතිවරයා ඉදිරිපත්කල යෝජනාවේ සදහන්ව ඇත.

2020 අයවැයෙන් මෙම ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 29 ක මුදක් වෙන්කර ඇත.

යෝජනාව පරාජය වීම පිලිබදව අදහස් දැක්වූ සභාපති නන්ද විජයරත්න .සිල්වා මහතා  සද්භාවයෙන් ගෙන ආ යෝජනාවපරාජය කරවීම  පිටුපස ඇත්තේ අප පක්ෂයේම සංවිධායක වරයෙක්බව කියන පරාජිතයෙකුගේ   කුමන්ත්‍රණයක්

ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලැබීමට තිබුණු කටුනායක සිදුව නගර සභාවේ නගරාධිපති දුරය එක්සත්ජාතික පක්ෂයේ සරත් පිරිස් මහතාටලබාදීමට මෙම කුමන්ත්‍රණ කරු  කටයුතු කලේ පක්‍ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතාගේ උපදෙස්ද නොසලකා හරිමින්

එවකට යහපාලන ආණ්ඩුවේසිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමග එකතුවී කටාන ප්‍රාදේශීය සභාවේ බලයද එක්සත්ජාතික පක්‍ෂයට ලබාදීමට මොහු   කුමන්ත්‍රණයක් සිදුකල කලබව  ප්‍රසිද්ධ රහසක්

මේ කුමන්ත්‍රණ කරු  පරාජය කර සභාපතිවරයා ලෙස පත්වීමට හැකියාව ලැබුනා පසුගිය කාලයේම මොහු කටාන ප්‍රදේශීය සභාවට ගෙන ආ  ජනතාවාදී ප්‍රගතිශීලි යෝජනා ක්‍රියාත්මට අකුල් හෙලුනමුත් එමයෝජනා සියල්ල ක්‍රියාත්මක කළා   ඒ අනුව ක්‍රීඩාංගනයේ සිදුකරන සියලු  සංවර්ධන කටයුතු ද සිදුකරනවා යයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.

ක්‍රීඩාංගනය ඉදිකිරිම නතරකර එමමුදල් මන්ත්‍රීවරු අතර සංවර්ධන කටයුතු සදහා වෙන්කර ගැනීමට සිදුකල යෝජනාව ක්‍රියාත්මක කිරීමට සභාපතිවරයා අකමැති විමනිසා මෙම යෝජනාව පරාජය කිරීමට කටයුකලබව ශ්‍රීලංකා පොදුජන එක්සත් පෙරමුණේ නම හෙළිකිරීමට අකමැති මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේය.

 

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.