28 C
Negombo
28 C
Negombo

නිරෝධායනය සදහා කුදලාගෙන රැගෙන යාම වැරදියි -රාජ්‍ය ඇමති නිමල් ලාන්සා

-

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා අතුලු පිරිස නිරෝධායනය සදහා කුදලාගෙන රැගෙන යාම වැරදිබවත් එය නිවරදි කරනලෙස තමන් රජයෙන් ඉල්ලා සිටිනබව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේබව ප්‍රකාශකලේ මිගමුව කොච්ච්කඩේ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සදහා විකල්ප හදුනාගැනීම සදහා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග පැවති නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය වේදීන් විසින් කරනලද විමසුමකට පිළිතුරු දෙමිනි

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල රජ්‍යඅමාත්‍යවරයා

නිරෝධනය නීති කාලය තුළ විශාල පිරිසක් ඇවිල්ලා උද්ඝෝෂණය කිරීම තුළ නීතිය කඩ කිරීමක් කළා. නමුත් ඔවුන් අරන් ගිය ක්‍රමවේද පිළිබඳව මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. කවුරු හෝ නිරෝධනය නීති කඩකරනවා නම් ඔවුන් නිවෙස්වල නිරෝධනය කරන කලයුතුයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක කුදලගෙන අරන් යන්න බැහැ. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න ඕන. ඒ අරන් ගිය ක්‍රමවේද වැරදි බව මම ආණ්ඩුව නියෝජනය කළත් කියන්න ඕන. එය නිවැරැදි කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා.” යැයිද  රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

වසර පහක යහපාලනය තුළ කිසිම වැඩක් නොකරපු මහ බැංකුව කොල්ල කාපු අය අය වැදගත් සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ජනතාවට බොරු කියමින් සිටිනබවත්  බත්තරමුල්ලේ සිට පැලියගොඩ දක්වා කනුමත  ඉදිවන අධිවේගී මාර්ගය මංතීරු හතරක අධිවේගී මාර්ගය රටේ ජනතාව වසර ගණනාවක් පුරා කළ ඉල්ලීමක් මෙය ඉදිකිරීමේදී කිසිම පරිසර විනාශයක් සිදුවන්නේ නැහැ මෙම ව්‍යාපෘතිය ටෙන්ඩර් පරිපාටියෙන් තොරව ලබාදුන් බවට විපක්ෂයේ මහාචාර්යතුමා කරන ප්‍රකාස අමූලික බොරුවක්. මේ රටට සුදුසු ලෙස, රටේ සියලු නීති රෙගුලාසි අනුව තමයි මෙම ව්‍යාපෘතිය අපි ආරම්භ කරල තියෙන්නේ. මෙම ව්‍යාපෘතිය පිළිබඳව කථා කරන්න එන්න කියලා එම මහාචාර්යතුමාට අපි අභියෝග කරනවා යැයිද  රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.