28 C
Negombo
28 C
Negombo

මුතුරාජවෙල රක්ෂිත අභය භූමි කලාපයේ නීතිවිරෝධී ක්‍රියා -කාදිනල් හිමි ගොනුකළ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

-

මුතුරාජවෙල රක්ෂිත අභය භූමි කලාපය තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම, වැලි ගොඩදැමීම, ඉඩම් කට්ටි කිරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

එම පෙත්සම් අද (12) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ එම පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 26 වන දා කැඳවන ලෙසය.

එම පෙත්සම් වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, වත්තල හා ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් නම්කර තිබේ.

කාදිනල් හිමිපාණන් ඇතුළු පෙත්සම්කරුවන් කියා සිටින්නේ, මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ සිදුවන නීතිවිරෝධී ඉදිකිරීම්, වැලි ගොඩදැමීම් ,ඉඩම් කට්ටි කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියා නිසා එහි ජෛව පරිසර පද්ධතියට දැඩි හානියක් සිදු වී ඇති බවය.

එබැවින් එවැනි නීතිවිරෝධී ක්‍රියා සිදුවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන් වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් මුතුරාජවෙල සංරක්ෂිත කලාපය යළි මිණුම් ගත කර ඒ සඳහා නව මායිම් සකස් කරන ලෙස වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබේ.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.