28 C
Negombo
28 C
Negombo

යුක්තිය ඉටුකිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා ජනපතිට පිටු 19 ක ලිපියක්

-

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව පිටු 19කින් සමන්විත ලිපියක් අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුවරුන් හත් දෙනෙකුගේ සහ පියතුමන් 27 දෙනෙකුගේ අත්සනින් යුතුව එම ලිපිය යොමුකර තිබුණි.

එහි ඇතුළත් කරුණු පිළිබඳව කඩිනමින් විමර්ශනයකර ඒ පිළිබඳව සෑහීමකට පත්විය හැකි පිළිතුරක් මසක් ඇතුළත ජනාධිපතිවරයා විසින් ලබාදෙනු ඇතැයි කතෝලික ප්‍රකාශක කමිටුව බලාපොරොත්තු වන බව එම ලිපියේ සඳහන් වේ.

“2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී මේ වනවිට මාස 26ක් ගතවී තිබේ. ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව නිකුත් වී මාස 05කට ආසන්න කාලයක් ගතවී ඇත. නමුත් මේ ප්‍රහාරයට වගකිවයුත්තන්, එය සැලසුම් කළ පුද්ගලයින්, එම සමූල ඝාතනය වළක්වා ගත හැකිව තිබියදීත් තම වගකීම් පැහැර හැරියවුන් නිසියාකාරයෙන් සොයා, ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමේ ක්‍රියාවලිය මේ වනතුරුත් බොහෝදුරට මන්දගාමීව සිදුවීම පිළිබඳව අපගේ බලපත් කනස්සල්ල පළමුව ප්‍රකාශකර සිටිමු.”

එම ලිපිය පහතින්,

 

adstudio.cloud

adstudio.cloud
spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.