28 C
Negombo
28 C
Negombo

ආණ්ඩුවේ කිසිම බෙදීමක් නැහැ -ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ

-

දිවයින පුරා විසිරී සිටින 38000ක් වන පෙර පාසල් ගුරුවරුන් සඳහා කොරෝනා එන්නත්කරනය කිරීමේ  කටයුතු ආරම්භ කෙරේ .

පෙර පාසල් ගුරුවරුන් සදහා එන්නත් කරණය කිරීමේ කටයුතු අද ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අද පෙරවරුවේ ගුවන්තොටුපළ පරිශ්‍රයේ පැවති විශේෂ  සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වේදින් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ  අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත කාර්ය  මණ්ඩලය එන්නත්කරණය කිරීමෙන් අනතුරුව දෙමාපියන්ට තම දරුවන් ආරක්ෂිතව පාසල් කරා යොමු කිරීමේ  අවස්ථාව සලසා දෙන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා  අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා

පාසල් ගුරුවරුන්ට එන්නත්කරණය කිරීම අපි මේ වන විට  ආරම්භ කරලා තිබෙනවා.

ඒ වගේම ඉදිරි කාල සීමාව තුළ පාසල් විවෘත කරන්න මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍ය  ජී එල් පීරිස් මහතා  සාකච්ඡා කරමින් සිටිනවා. විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ පාසල් බොහොමයක් ඉතාමත් ඉක්මනින් විවෘත කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වැඩ පිළිවෙළ අතරෙම පෙර පාසල් ගුරුවරුන්ටත් එන්නත් කිරීමේ වැඩසටහන අපි ආරම්භ කරනවා.

අද දින ගම්පහ දිස්ත්‍රික්කයෙන් පෙර පාසල් ගුරුවරුන්ගේ එන්නත් කරන කිරීම අපි ආරම්භ කරනවා.

ඒ අනුව අපිට හැකියාව ලැබෙනවා තමන්ගේ දරුවා කවදද පාසලට යන්නේ කියන කාරණය සම්බන්ධයෙන්  අපේ රටේ දෙමාපියන්ගේ තිබෙන ගැටළුවට විසඳුමක් ලබා දෙන්න. මේ කොරෝනා ව්‍යාප්තිය පාලනයත් සමඟ එන්නත්කරනය අවසන් වෙනකොට අපිට හැකියාව ලැබෙනවා පෙර පාසලේ සිට සියලුම දරුවන් ව නැවත පාසල් අධ්‍යාපනය සඳහා යොමු කරන්න.

වෘත්තීය සමිති මර්දනය කිරීම සම්බන්ධයෙන් රජයට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ආණ්ඩුව කිසිම ආකාරයකින් වෘත්තීය සමිති මර්දනය කිරීමක් සිදු නොකරන බවත් එවැනි මර්දනය කිරීමක් කිසිසේත්ම අනුමත  කිරීමක් හෝ නොකරන බවත් ය.

නමුත් පසුගිය කාලය තුළ නිරෝධායන නීති කඩ කිරීම මත පොලිසිය ක්‍රියා කරලා තියෙනවා. එම ක්‍රියාවලියන් සම්බන්ධයෙන් අපිට ගැටලුවක් තියෙනවා නමුත් නිරෝධායනය කිරීම සම්බන්ධව ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. මෙවැනි කටයුතු නිසා හතරවෙනි කොරෝනා රැල්ලක් ඇති කිරීම රටේ ජනතාව කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. තුන්වෙනි කොරෝනා රැල්ලක් ඇති වීම නිසා අපි බොහෝ ගැටලුවලට මුහුණ දුන්න බව අපි දන්නවා.

ඒ නිසා ආණ්ඩුවත් රටේ ජනතාවත් කොරෝනා හතරවෙනි රැල්ලකට කිසිසේත්ම සූදානමක් නැහැ. අපට අවශ්‍ය වෙන්නේ මේ රටේ ආර්ථික රැල්ලක් ඇති කිරීම විනා කොරෝනා රැල්ලක් ඇති කිරීම නොවේ.

විපක්ෂය විසින් තමන්ගේ උද්ඝෝෂණ මාලා ක්‍රියාත්මක කළත් අපි ඒ අයටත් කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශයන් අනුගමනය කරන්න කියලයි. විපක්ෂයේ හැටියට තමයි වෘත්තිය සමිති වල හැසිරීම පෙනෙන්නට තිබෙන්නේ. විපක්ෂය පාඩුවේ පැත්තකට වෙලා බෝඩ් එකක් උස්සගෙන හිටියට ගෝලයන්ට කියනවා ගහගන්න කියලා. ගෝලයෝ නිරෝධායනය කරන්න සිද්ධ වෙනවා. විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවට එනවා. විපක්ෂ නායකතුමා ඔය විදිහට තමයි පසුගිය කාලයේ නිවාස අමාත්‍යාංශයේත් වැඩ කළේ.  රස්සා දෙනවා කියලා බොරු කිව්වා තාවකාලික පත්වීම් දුන්නා. 

දරුවො ටික අනාත කරලා එයා ජනාධිපති අපේක්ෂකයා වෙන්න ගියා. එහෙම තමයි එදත් කළේ .අද කරන්නෙත් එයත් එක්ක බද්ධ වුණ  වෘත්තිය සමිති ඉදිරියට දාලා විපක්ෂ නායකතුමා හිමිහිට ගෙදර යනවා.

ඔය වැඩේ කරන්න ගිහිල්ලා කලින් පාරත් එතුමා කොරෝනා හදා ගත්තා. මැතිවරණයක් අවස්ථාවේදී අපිට ඕනෑ තරම් දේශපාලන මතවාද පිරිමහගන්න අවස්ථාව උදා වෙනවා.

ඒ නිසා අපි විපක්ෂ නායක තුමාට පැහැදිලිව කියන්නේ මේ අවස්ථාවේ දී කොරෝනා ව්‍යාප්තිය පාලනය කරලා එන්නත්කරනය කඩිනමින් අවසන් කරලා රැකීරක්ෂා ටික නැවත උත්පාදනය කරලා අපේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න එකතු වෙලා කටයුතු කරමු කියලායි.

තෙල් මිල සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ බෙදීමක් ඇති වී තිබේ ද යන්න සම්බන්ධයෙන්  මාධ්‍යවේදියෙකු ඉදිරිපත් කළ ගැටලුවකට පිළිතුරු දුන් අමාත්‍යවරයා සඳහන් කළේ කිසිම හේතුවක් සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ කිසිදු  බෙදීමක් ඇති වී නොමැති බවත් අදහස් හුවමාරුවක් පමණක් ඇති වී ඇති බවත්ය.

ආණ්ඩුවක දක්ෂතාවය වන්නේ සියලු දෙනාගේ අදහස් හුවමාරුව තුළින් ඉතා හොඳ තීරණ ගැනීමයි.

පෙරමුණු ආණ්ඩුවක් වශයෙන් නොයෙක් අදහස් තියෙන පරස්පර විරෝධී  ප්‍රකාශ සිදුකරන  පිරිසක් ජාතිකත්වය, රට ගොඩනැගීම යන කාරණා මත එකට එකතු වී සිටින අවස්ථාවක් උදා වී තිබෙනවා.

අවසානයේ දී අප සියලු දෙනාම රට ජාතිය ගොඩනැගීම කියන තැන එකට සිට ගන්නවා.

රජයේ කිසිම අස්ථාවරත්වයක් නැහැ. අපේ ආණ්ඩුවේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය හොඳට තියෙනවා . අපි විසිවෙනි සංශෝධනය වෙලාවේ ඒක දැක්කා .

නැගෙනහිර ජැටිය සම්බන්ධ කාරණාවේදී අපි ඒක දැක්කා. තෙල් මිල අඩු වැඩි කරපු වෙලාවෙත් අපි ඒක දකිනවා. ඒ වගේම ඉදිරි කාලය තුළත් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තුළ විවිධ අදහස් විවිධ අය ඉදිරිපත් කරනවා. ඒක ආණ්ඩුවෙ සමස්ත මතය වත් ප්‍රතිපත්තිය වත් නොවේ . යම්කිසි වෙනසක් වෙනවා නම් යම්කිසි වැඩසටහනක් තියෙනවා නම් ඒක කැබිනට් මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයා විසින් ඉදිරිපත් කරයි.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් උද්ගතව ඇති වාතාවරණය පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් නාමල් රාජපක්ෂ මහතා

ඉදිරි කාල සීමාව තුළදී ලංකාව නියෝජනය කළ  අර්ජුන රණතුංග මහතා ඇතුළු සියලුම නායකයින් සමඟ සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහස් ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම ක්‍රිකට් ග්‍රාමීය මට්ටමෙන් සහ පාසල් මට්ටමෙන් දියුණු කරන්නේ කොහොමද කියලා ඔවුන්ගේ අවධානය ඒකට යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයත් තේරීම් කාරක සභාවක් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරලා ඉදිරි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපට හොඳ සැලැස්මක් තිබෙනවා එම සැලැස්මට අනුව ඉදිරියේදී ජයග්‍රහණ වලට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

ප්‍රදීප් අනුර කුමාර

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.