28 C
Negombo
28 C
Negombo

සිදුවේදී වෙඩි වැදුණු සංවිධානාත්මක අපරාධ කරුවෙකු මියයයි

-

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවකියන  මිහිඳුකුලසූරිය ලලිත් ප්‍රසන්න පින්තු  නොහොත් ලලිත් පින්තු නැමැත්තා විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සමග සිදුව අමන්දොළුව ප්‍රදේශයේදී  ඇතිවූ වෙඩි හුවමාරුවකදී මියගොස් ඇත.

.සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් පිරිසක් ගිනිඅවි රැගෙන මෝටර් රථයකින් සැරිසරන බවට රජගිරිය විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුව අද අලුයම 2.00 ට පමණ සැකකටයුතු වෙසල් වර්ගයේ කාර් රථයක් සීදූව පොලිස් වසමේ අමන්දොළුව, බේස්ලයින් මාර්ගයේ ජනතා බේකරිය ඉදිරිපිටදී නවතා පරීක්ෂා කර ඇත.

මෝටර් රථයේ තිදෙනෙකු ගමන් කර ඇති අතර ඉදිරිපස රියදුරු අසුනට වම් පසින් සිටි පුද්ගලයා රථයෙන් බැස ඒ අසල තිබු අතුරු මාර්ගයක් ඔස්සේ පලා යාමටඋත්සාහ  කර ඇත.

පලායමින් සිටි පුද්ගලයා   පසුපසින් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් නිළධාරීන් පිරිසක්  ලුහුබැඳ ගොස් ඇතිඅතරඑම නිලධාරීන් දෙසට සැකකරු  ගිනි අවියකින් වෙඩි  ප්‍රහාරයක් එල්ල කර ඇත.

විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් නිළධාරීන්  දප්‍රතිප්‍රහාර එල්ලකර තිබේ.

මෙම වෙඩි හුවමාරුවේදී   තුවාල ලැබූ සැකකරු  ප්‍රතිකාර සඳහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇතිබව පොලිසියේ ආරංචි මාර්ග පවසයි.

විශේෂ කාර්ය බලකා නිළධාරීන් විසින් මෝටර් රථය සහ එහි  පැමිණි අනෙක්සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන සීදූව පොලිස් ස්ථානයට බාරදී ඇති අතර සීදූව පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.