28 C
Negombo
28 C
Negombo

ධීවරයන්ට ගෙවන වන්දිය ගණන් බලන ක්‍රමය අසාධාරණයි -සමහරුන්ට ලොකු කුට්ටි

-

ගීනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් ලැබුණු අතුරු වන්දිය  ධීවරයන් අතර බෙදාදීමට සකස්කර ඇති වන්දි සැලසුමේන් කුඩා යත්‍රා හිමිකරුවන්ට බලවත් අසාධාරණයක් සිදුකර  ඇතිබව සමස්තලංකා ධිවර ජනතා වෘතිය සමිතියේ සභාපති අරුණ රොෂාන්ත මහතා පවසයි

වන්දි මුදල් තීරණය කලේ තමන් නොව ඒ සදහා පත්කළ කමිටුවකින් බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසූ බවත් එමකමිටුවේ ධිවර ජනතාව නියෝජනය කරන කිසිවෙකු නැතිබවද පැවසූ අරුණ රොෂාන්ත මහතා.

ධිවර රාජ්‍ය අමාත්‍යතුමා වන්දි කමිටුවට ධිවර නියෝජනයක් ලබදෙනබව ප්‍රකසකලත් ව්න්දිකමිටුව නියෝජනයකර ඇත්තේ කාදිනල් හිමියන් විසින් පත්කළ පියතුමන්ලා තිදෙනක් සහ  මාදැල් කර්මාන්තය නියෝජනය කල පියතුමෙක් එතුමා මාදැල් සංගමයේ සභාපති අනෙකුත් සියලුම ධීවරයන් නියෝජනය කර ඇත්තේ රාජිත සේනාන්රත්න ධිවර ඇමතිවරයාව සිටියදී ආරම්භකල ධිවර ඇමතිවරයා නිලබලයෙන් සභාපති වන    ආණ්ඩුවේම සමිතියක් වන ග්‍රාමීය ධිවර සංගමයේගම්පහ  සභාපති ඔහු ධීවරයෙක් නොවයි

 

සැලසුම් කර ඇති අන්දමට වන්දි ගෙවීම සිදුකලොත් ව වැඩිම  පිඩාවට පත්ව ඇති තෙප්පම් කුඩා බෝට්ටු ඔරු    ධිවරයන්ට දිනදහයකට  ලැබෙන ලැබෙන වන්දිය 15000 වනවිට  කිසිදු පිඩාවක් නොවුණු මාදැල් ධිවරයන් ට රුපියල් 60000 ක පමණ වන්දියක් ලබාදීමට සැලසුම්කර තිබෙනවා මෙය බලවත් අසාධාරණයක් මේදිනවල මාදැල් කර්මානත්ය කොමත් සිදුකරන්නේ නැහැ ඒ නිසා ඒ  අයට පාඩුවක් සිදුවී නැහැ.

මේ ගෙවන්නේ වන්දියක් මේ වන්දිය හැම ධිවරයෙකුටම එක සමානව ලෑ බියයුතුයි පියතුමන් හතර දෙනෙක් නියෝජනය කරපු කමිටුවකින් මේවගේ අසාධාරණ වන්දි ක්‍රමයක් යෝජනා කිරීම බරපතල වැරැද්දක් මේක නිවැරදි කරන්න මැදිහත්වන ලෙස කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක් කරනබවද  අරුණ රොෂාන්ත මහතා වැඩිදුරටත් පැවසිය.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.