28 C
Negombo
28 C
Negombo

ඒත්තුකාල  සංචාරක කලාපය යලිත් සංචාරකයන් සදහා සුදානම් වෙමින් පවතී

-

කාලයක් තිස්සේ පාලුවට ගොස් තිබු මිගමුව ඒත්තුකාල  සංචාරක කලාපය යලිත් සංචාරකයන් සදහා සුදානම් වෙමින් පවතී  සංචරණසිමා  ලිහිල් වීමත් සමග මිගමුව ඒත්තුකාල මුහුදු වෙරළට යලිත්  ජනතාව පැමිණීම ආරම්භකර  ඇත.

මුහුදු වෙරළට පැමිණෙන ජනතාවට අහාර පාන අලවිකරණ කඩවලින් කොටසක් මේවනවිටත් විවෘතව ඇතිඅතර තවත් කොටසක් අලුත්වැඩියා කරමින් පවතිනු දක්නට ලැබුණි

කොරෝනා වසංගතය නිසා  .වසරකට ආසන්න කාලයක් මුහුදු වෙරළට පැමිණිමට නොහැකිවූ අයද පැමිණසිටි ජනතාව අතර විය.

 

දෙමවුපියන්  කාලයක් නිවෙස්වලට කොටුවිසිටි දරුවන්ද සමග වෙරළේ සුන්දරත්වය අත්විද මානසික සුවයක් ලබාගැනීමට පැමිණ සිටියත් කොවිඩ් සෞඛ්‍ය උපදෙස් පිලිබදව  සැලකීමක් නොමැතිව කටයුතු කරනබවද  දක්නට ලැබුණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.