28 C
Negombo
28 C
Negombo

නැවෙන් ලැබුණු අතුරුවන්දිය සමස්ත ධිවර ජනතාවටම අයිතියි – සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය

-

සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය සංවිධානය කල උද්ඝෝෂණයක් අද20 දින සවස 4.00 ට පමණ මිගමුව නගරයේදී පැවැත්විණි එක්ස්ප්‍රස් නැවෙන් ලැබුණු අතුරුවන්දිය සමස්ත ධිවර ජනතාවටම ලබාදියයුතු බව සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනයයේ  ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පැවසිය.

ධීවරයන්ට ලබාදෙන වන්දි ප්‍රමාණයන්  පිලිබදව තොරතුරු ප්‍රසිද්දියට පත්කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව පැවසූ රත්න ගමගේ මහතා මේ මොහොත වනවිට තෙල් මිල වැඩිවීම නිසා ධීවරයාත් පොහොරහිගය නිසා ගොවියාත් පාරට බැස ඇති බවත් මේ ආරම්බවී ඇත්තේ කම්හලේ තොටුපොළේ සහ ගොවිබිමේ සටනයි ද පැවසිය.

ගිනිගත් නැවේ බලපෑමෙන් මියගිය කැස්බෑවන් ඇතුළු මුහුදු ජීවීන්ගේ පස්චාත් මරනපරික්ෂණ වාර්තා සහ සාගර පත්ලට නැවෙන් සිදුවූ හානිය පිළිබද වාර්තා ප්‍රසිද්ධ කලයුතුබවද පැවසූ රත්න ගමගේ මහතාඍජුව සහ වක්‍රව ලක්‍ෂ 15 වක පමන  ජනතාවක් ධිවර කර්මාන්තයෙන් ජීවත්වනවා නැවෙන් සිදුවූ හානියෙන් අසීරුවට  පත්වසිටි ධිවර ජනතාව ඉන්ධන මිල වැඩිකිරීමෙන්  දැඩි පිඩාවට පත්ව සිටිනවා අද ධිවර ප්‍රජාවට රැකියාවට නොගොස් ගොඩට වෙලා බඩගින්නේ ජීවත්වීමට සිදුව ඇතිබවද රත්න ගමගේ මහතා වැඩිදුරටත් පැවසිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.