28 C
Negombo
28 C
Negombo

ලක්‍ෂ 250 ක කේරල ගංජා ඒත්තුකාල වෙරලේ

-

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගෙනවිත් මිගමුව ඒත්තුකාල වෙරලේ සගවා  තිබුණු කිලෝග්‍රෑම් 484 ක් පමණ බරකින් යුක්ත ලක්‍ෂ 250 ක් පමණ වටිනා කේරල ගංජා ගෝනි 11 ක්   අද 21 අලුයම මිගමුව පොලිසිය විසින් සොයාගෙන ඇත.

මිගමුව පොලිසියේ රාත්‍රී ජංගම මුර  සංචාරයේ යෙදුනු පොලිස් ජංගම රථයකට  ලැබුණු තොරතුරකට අනුවපොලිස් සැරයන් 46114 නිහාල් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් මිගමුව ඒත්තුකාල සෙනවිරත්න මාවතේ මුහුදු වෙරළේ තිබු මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ගංජා තොගය  කිලෝග්‍රෑම් 2 ක් සහ ග්‍රෑම් 200 බැගින්වූ ඇසුරුම් 20 බැගින්ගෝනි 11 හක  ඇසුරුම් කර තිබුණි.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් අනුව මිගමුව මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන  පොලිස් පරීක්ෂක උදය කුමාර වුල්ටර් මහතාගේ මෙහෙයවීමෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

විමර්ශන කටයුතු සදහා පොලිස් කොස්තාපල් 85731 මැදවත්ත 39617 සමන්ත යන නිලධාරින්ද සහභාගිවී ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.