26.9 C
Negombo
26.9 C
Negombo

කටානේ කුඩු ජාවාරම්කරුවන් 10 රක්‍ෂිත බන්ධනාගාරයට

-

කටාන පොලිසියේ දුෂණ මර්ධන අංශය විසින්ජුලි මස  සති තුනක් තුල සිදුකල වැටලීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 10 දෙනකු සහ කසිප්පු ස්කාගාර දෙකක හිමිකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුනවා ඇත.

හෙරොයින් ජාවාරම් කරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 33 ක් අත්අඩංගුවට ගෙන ඇත .

මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවූ   සැකකරුවන් රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇතිඅතර  මොවුන් අක්කරපනහ, කදසුරිදුගම,හරිස්චන්ද්‍රපුරය,සන්ෂයින්වත්ත,ප්‍රදේශවල පදිංචිකරුවන්ය

නීති විරෝධී කසිප්පු මිලි ලීටර් 15000 ක් සහ ගෝඩා මිලිලීටර 810000 ක් පෙරුම් උපකරණ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කටියල සහ දෙමන්හන්දිය ප්‍රදේශ වල පදිංචි කරුවන්ය.

කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතා ගේ උපදෙස් අනුව දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක  පමල් මදුරංග මහතා විසින් මෙම වැටලීම් සිදුකර ඇති අතර පොලිස් සැරයන් 34683 ජයසුරිය පොලිස් කොස්තාපල්වරුන් වන 88073 බණ්ඩාර 22242 රාජපක්‍ෂ යන නිලධාරීන් ද ඒ සදහා සහභාගිවී ඇත.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.