26.9 C
Negombo
26.9 C
Negombo

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට ළඟදීම නඩු

-

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට නඩු පැවරීම අවසාන අදියරේ පවතින බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට නුදුරේදීම අධි චෝදනා ගොනු කෙරෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

නීතිපතිවරයා මෑතකදී ජනාධිපතිවරයා හමුවූ බවත් ජනාධිපතිවරයා එහිදී මේ සම්බන්ධයෙන් විමසීම් කළ අවස්ථාවේදී නීතිපතිවරයා විමර්ශනවල ප්‍රගතිය විස්තර කළ බවත් අධිකරණ ඇමතිවරයා කීවේය.

මේ පිළිබඳ විමර්ශන කාර්යක්ෂම කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විශේෂ කණ්ඩායම් කිහිපයක්ම යොදවනු ලැබ සිටින බවද අලි සබ්රි මහතා ප්‍රකාශ කළේය.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සියයකට වැඩි පිරිසක් දැනට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

මින් පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින අතර තවත් පිරිසක් රැඳවුම් නියෝග යටතේ පොලිසිය භාරයේ පසුවෙති

lankadeepa

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.