සම්භාන ආයතවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනුලබන එම ආයතනවල තෙරපිවරියන්ට සහ කාර්ය මණ්ඩලයට එරෙහිව ආයුර්වේද ආඥා පනත යටතේ නඩු පැවරිය නොහැකි යැයි නිගමනය කළ මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. එල්.. මහවත්ත මහත්මිය. එම නඩු විභාගයට නොගෙනම ඉවත්කිරීමට නියෝග කළාය.
මීගමුව පොලිසිය විසින් සම්බාහන ආයතන දෙකක්වටලා අත්අඩංගුවට ගත් සැකකාරියන් සහ සැකකරුවන් අධිකරණ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය විසින් මෙම නියෝගය කරනුලැබිය .
මෙහිදී ඉදිරිපත්වූ කරුණු පිළිබඳව සැලකිල්ලට ගත් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය සැකකරුවන් නඩුවලින් නිදහස්කර මුදාහැරීමට නියෝග කළාය. මීගමුව පොලිසියේ දූෂණ මර්දන අංශයේ උපපොලිස් පරීක්‍ෂක රෝහණ මහතා පැමිණිල්ල මෙහෙය විය.
[…] post සම්භාන ආයතවල තෙරපිවරියන්ට ආයුර්වේද ආ… appeared first on Negombo […]