කාබනික පොහොර ප්රවාහනය කරන මුවාවෙන් බලපත්ර නොමැතිව ප්රවාහනය කරමින් තිබු ලක්ෂ 10 ක් පමණ වටිනා ඉරනලද දැවතොගයක් ප්රවාහනය කරමින් තිබු ලොරිරථයක් සහ සැකකරුවෙකු මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකය විසින් අද 4 දින දළුපොතදී අත්අඩංගුවට ගෙන ඇත.
දුෂණ මර්ධන ඒකකයේ පොලිස් කොස්තාපල් 77769 ප්රනාන්දු නිලධාරියට ලැබුණු තොරතුරකට අනුව එම ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක චතුර රත්නායක මහතා විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.
ලොරියේ කොටසක් පිරෙන ලෙස දැව තොගය පටවා ඒ මත වියලි කුකුල් ෆොහොර ගෝනි අසුරා පන්නල සිට දැව තොගය ප්රවාහනය කර ඇතිබවත් මෙය කලක සිට සිදුකර ඇති ජාවාරමක් බව මෙතෙක් සිදුකල විමර්ශන වලදී අනාවරණය වී ඇතිබව පොලිසිය පවසයි.
මෙම දැව රක්ෂිත කැලෑවකින් කපනලද ඒවා වියහැකි බවට පොලිසිය සැකපලකරයි.
.මෙම වැටලීම සදහා පොලිස් කොස්තාපල් 77769 ප්රනාන්දු 38339 තුෂාර යන නිලධාරින්ද සහභාගිවී ඇත