25.7 C
Negombo
25.7 C
Negombo

කොවිඩ් ව්‍යාප්තිය පාලනය පිණිස උත්සවවලට නැවත සීමා

-

කෝවිඩ් 19 වසංගතයේ වත්මන් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන විවාහ මංගල සහ වෙනත් එවැනි අවස්ථාවන්ට සහභාගී වන ජන සංඛ්‍යාව සීමා කිරීමට තීරණය කර ඇති බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඊට සමගාමීව ජනයා සමූහ වශයෙන් එක්රැස් වන වෙනත් කාර්යන්ට ද සීමා පනවා තිබේ.

ආසන සංඛ්‍යාව 500කට වැඩි උත්සව ශාලාවක පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහාභාගී විය හැකි උපරිම මට්ටම 150කි.

උත්සව ශාලාවේ ආසන සංඛ්‍යාව 500ට අඩුනම්  උපරිමය 100 දෙනකුට සීමා කෙරේ.

අවමංගල්‍යයකට වරකට සහභාගීවීමට අවසර ලැබෙනුයේ 25 දෙනකුට පමණී.

සියලුම රාජ්‍ය උත්සව සැප්තැම්බර් 1 දක්වා කල් දැමේ. රජයේ සේවකයන්ගේ පැමිණිම ආයතනයේ ප්‍රධානියා විසින් තීරණය කළ යුතුය.

 sima66

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.