32 C
Negombo
32 C
Negombo

ගැබිණි මව්වරුන් සියලුදෙනාම එන්නත් ලබාගත යුතුයි-ජ්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්ද

-

ගර්භනි සමයේ මුල් මාස 03 පසුකළ සියලු ගැබිණි මව්වරුන් එන්නත් ලබගත යුතුයැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ජ්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්ද මහතා පවසයි.

කොවිඩ් ආසාදනය වළක්වා ගැනීම හා දරුණු සංකූලතා අවම කර ගැනීම සඳහා එන්නත්කරණය අවශ්‍ය බව සංජීව ගොඩකන්ද මහතා ප්‍රකාශ කළේ, ඊයේ (06) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එන්නත්කරණය ගර්භනී මව්වරුන්ට ආරක්ෂා වීමට ඇති හොඳ ආයුධක් බවත් කොවිඩ් පළමු රැල්ලේ සිටම ගර්භණී කාන්තාවන් ආරක්ෂා කිරීමට ක්‍රමවේදයන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබූ බව පැවසීය.

දෛනිකව කොවිඩ් ආසාදියන් හමුවීම සහ ආසාදියන් මරණයට පත්වීම මේ වන විට තරමක් වැඩිවෙමින් පවතින බවත් මේ අතරින් ගර්භනි මවකට කොඩිට් රෝගය වැළඳීමට ඇති අවස්ථාව හා දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබා ගැනීමට ඇති අවස්ථාව වැඩි බවත් ඉපදීමට සිටින දරුවාටද එය බලපාන බවත් වෛද්‍ය ගොඩකන්ද මහතා පැවසුවේය.

පසුගිය සති කිහිපය ගත් විට කොවිඩ් ආසාදනය වූ ගර්භනී කාන්තාවන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව පවසන ගොඩකන්ද මහතා, ගර්භනී කාන්තාවන් අනවශ්‍ය ගමන්බිමන් ,සාප්පු සවාරි යාමෙන් වැළකි සිටිය යුතු බවත් පැවසීය.

තවද ගර්භනී කාන්තාවන් එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සමඟ සංසන්දනය කිරීමේදී ශ්‍රි ලංකාව ඉදිරියෙන් සිටින බවත් ඒ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී,දිස්ත්‍රික් හා ප්‍රාදේශිය රෝහල් කාර්ය මණ්ඩල, විශේෂඥ වෛද්‍යවරුන්,පවුල් සෞඛ්‍ය කාර්යංශය,ශ්‍රි ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ සංගමය,ත්‍රිවිධ හමුදාව කැප වී ඇති බවත් ගොඩකන්ද මහතා පෙන්වා දුනනේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.