යතුරු පැදිවලින් ගොස් මහමග ගමන්කරන කාන්තාවන්ගේ අත්බෑග් කොල්ලකෑම් සිදුකල තිදෙනකුගේ කල්ලියක් මිගමුව කොට්ඨාශයේ අපරාධ විමර්ශන අංශය විසින් 7 දින සිදුව අමන්දොලුවේදී අත්අඩංගුවට ගෙන ඇත
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ .ලියනගේ මුල්ල කොටුගොඩ සහ නැදගමුවේ පදිංචිව 29 ,22 සහ 21 වියැති තරුණයන් තිදෙනෙකි.
අත්අඩංගුවට ගෙන මෙතෙක් සිදුකල විමර්ශන වලදී මොවුන් විසින් කදාන ජා ඇල වත්තල පමුණුගම කටුනායක පොලිස් වසම්තුලදී සිදුකරන ලද කොල්ල කිහිපයක තොරතුරු පොලිසිය විසින් අනාවරණයකරගෙන ඇත.
සැකරුවන් විසින් අනාවරණය කල තොරතුරු අනුව අත්බෑග් තුල තිබී ව්කුනන ලද ලක්‍ෂ 10 ක් පමණ වටිනා ස්වර්ණාභරණ වලට අදාල රත්රන් සහ ජංගම දුරකථන මේ වනවිට පොලිසිය විසින් සොයාගෙන ඇත
මොවුන් කොල්ල්ල කෑම් සදහා භාවිතා කල යතුරු පැදි තුනක් ද අත්අඩංගුවට ගෙන ඇත.
කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල් 37928 වන්නිනායක නිලධාරියට ලැබුණු තොරතුරකට අනුව එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකනුවන් තාරක මහතා විසින් සිදුකල මෙම අත්අඩංගුවට ගැනීමට සහ විමර්ශන කටයුතු සදහා උප පොලිස් පරීක්ෂක මධුෂාන් පොලිස් සැරයන් වරුන් වන 49330 චින්තක 60490 සෙනවිරත්න පොලිස් කොස්තාපල්වරුන් වන 85214 ජයසිංහ 76336 රංග 85438 ජයකොඩිසහ 37928 වන්නිනායක යන නිලධාරින්ද සහභාගිවී ඇත.
මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්සිගේරා මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවන වැඩිදුර පරීක්ෂණ වලින් පසුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය