30 C
Negombo
30 C
Negombo

කොවිඩ් 19 මර්දන එන්නත ගන්න 1906 අමතන්න -එන්නත් ඕනෑතරම් තියෙනවා

-

කොවිඩ් 19 මර්දන එන්නත මෙතෙක් ලබානොගත් පුද්ගලයින් 1906 දුරකතන අමතා ලියාපදිංචි වී එන්නත ලබාගන්නා ලෙස රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේය.

ඔහු මේ බව සදහන් කළේ, අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ”ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 එන්නත්කරණයේ අද සහ හෙට” යන මැයින් පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

බස්නාහිර පලාතේ අවදානමට ලක්ව ඇති ප්‍රදේශ වල වයස අවුරුදු 60ට වැඩි සහ රෝගාබාධ වලින් පෙළෙන්නන් ආදී සෑම කෙනෙකු හටම ඉදිරි දින 03 තුළදී එන්නත ලබාදීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය.

එන්නත් ඕනෑ තරම් පවතින අතර අවශ්‍ය පහසුකම්ද කිසිදු අඩුවකින් තොරව සැපයිය හැකි බව අවධාරණය කළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, මෙම වැඩපිළිවෙල යටතේ බස්නාහිර පළාතේ එන්නත් ලබාදීමට මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර යම් අයෙකුට රෝගාබාධ ඇතිනම් ඒවා උත්සන්න වුවහොත් වෛද්‍ය පහසුකම් ලබාදීමටද කටයුතු සූදානම් කර ඇති බව කීවේ ය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.