31 C
Negombo
31 C
Negombo

නැගෙනහිර පාරවල් ප්ලාස්ටික්වලින් කොන්ක්‍රීට් කිරීම අරබයි

-

ප්‍රතිචක්‍රීකරණය නොකරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතා කර නිෂ්පාදනය කරන Plastic Mixed Asphalt (Concrete) භාවිතයෙන් නැගෙනහිර පළාත් සභාව යටතේ ඇති මාර්ග ඉදි කිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පස්වරුවේ ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණි.

ගිවිසුම අත්සන් කිරීම AGC ඉනෝවෙට් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා ආචාර්ය ජුඩිත් සමරනායක මහත්මිය සහ පළාත් ප්‍රධාන ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා අතර සිදුවූහ.

දැනට ශ්‍රී ලංකාවේ ඇති විශාලතම ගැටළුවක් වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමණාකරණයට කදිම විසදුමක් ලෙස මෙම ක්‍රමය භාවිතා කිරීමට නියමිතය.

ගිවිසුම් ප්‍රකාරව මුල් අදියරේ මෙම ක්‍රමය භාවිතා කරමින් ත්‍රිකුණාමලයේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ කිලෝමීටර 2ක් ඉදිකිරීමට යෝජිතය. මේ සදහා අවශ්‍ය කරන ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් 4කි.

එම ප්ලාස්ටික් තොගය මඩකලපුව මහ නගර සභාවේ අපද්‍රව්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය හරහා ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර ඊට අමතරව තවත් ස්ථාන දෙකක්ද හදුනාගෙන තිබේ.

නැගෙනහිර පළාත් සභාව යටතේ තිබෙන නැගෙනහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය සහ AGC ඉනෝවෙට් පුද්ගලික සමාගම එක්ව ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට දායකවීමේ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැන්වේ.

මේ අවස්ථාවට පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

පුස්තකාලජායාරුපයකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.