30 C
Negombo
30 C
Negombo

දුව කනිටු විදුහලේ සංවර්ධනයට ඇමරිකාවේ පාසැල් සිසුවියක් මිලියනයක් පරිත්‍යාග කරයි

-

මිගමුව දුව කනිටු විදුහලට සුහුරු පන්ති කාමරයක් සකස්කර දීමට ඇමරිකාවේ  කැලිපෝර්නියා ජනපදයේ 16 හැවරදී පාසැල් සිසුවියක් ඉදිරි පත්ව ඇත.

ශ්‍රී ලංකික සම්භවයක් ඇති කයිලි කෘස් නමැති  මෙම පාසැල් සිසුවිය  රුපියල් මිලියනයක මුදලක්  සුහුරු පන්තිකාමරය ඉදිකිරිම  සදහා පරිත්‍යාග කර ඇත.

මෙම සිසුවිය විවේක අවස්ථාවලදී නිවෙස් වලට ගොස් එකතුකර ගන්නා ලද ඉවත දමන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීය මධ්‍යස්ථාන වලට අලවිකර මෙම මුදල් එක්රැස් කරගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණයකල  රුචිත කුරේරා මහතා විසින් අදාල මුදල විදුහල්පතිනි පි එස් හරිස්චන්ද්‍ර මහත්මිය වෙත නිලවශයෙන් බාරදීම 10 දින සිදුවිය.

ඉතාමත් අඩු පහසුකම් යටතේ පවත්වාගෙනයන මෙම පාසලේ පලමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වේ.

ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 240 ක් වන අතර ගුරු මණ්ඩලය 16 දෙනකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.