ගිණුම් සහ ගොඩනැගිලි අංශවල කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හදුනා ගැනීම නිසා මිගමුව ම්හානගර සභාව අද සිට ලබන සදුදා දක්වා මහජනයා සදහා වසා තැබීමට තීරණය කර ඇත.
කාර්යාල වසාතබන කාලය තුලදීද සෞඛ්‍ය අංශය විවෘතව පවතිනබවත් කොවිඩ් එන්නත ලබාදීමේ කටයුතු අඛණ්ඩව සිදුකරනබවත් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන් කේ යු කේ ගුණරත්න මහතා පවසයි.
මේ පිලිබදව මිගමුව නගරාධිපති දයාන් ලාන්සා මහතාගෙන් විමසීමක් කල අතර සදුදා සිට කොවිඩ් 19 මාර්ගෝපදේශ අනුව යලි කාර්යාල කටයුතු ආරම්භ කරනබව ඔහු පැවසිය