පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළි හෙළිදරව් කරන්නැයි ඉල්ලා තමා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියට ලැබුණු පිළිතුර ප්‍රශ්නයෙන් ලිස්සායන සුළු එකක් බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
තමා ඉකුත් ජූලි 13 වැනිදා යොමුකළ ලිපියට ජනාධිපතිවරයාගෙන් සාධනීය ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුවත් දින 24 කට ලැබුණේ ජනාධිපතිවරයා හෝ එතුමාගේ ලේකම්වරයාවත් අත්සන් නොකළ ජනාධිපති කාර්යාලයට සම්බන්ධ නීතිඥවරයකුගේ අත්සනින් නිකුත් කළ ඉතාම ලාමක පිළිතුරක් බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.
එම පිළිතුර හා රජයේ වැඩපිළිවෙලට විරෝධය පා පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකකුත් මාස 4 ක් සම්පූර්ණ වන ලබන 21 වැනිදා රට පුරා කළු කොඩි ඔසවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද කාදිනල්තුමෝ ප්‍රකාශ කළහ.
මෙම ප්‍රහාරය පිළිබඳව සෙවූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති කරුණු හා ඉන් පරිබාහිර අංශ වෙතින් ලද දත්ත ඔස්සේ තමා නැගූ බරපතළ ප්‍රශ්න සම්බන්ධයෙන් හෝ රජය ගන්නට යන ක්‍රියාමාර්ගය ගැන එම ලිපියේ සඳහන්ව නැතැයි ද කාදිනල්තුමෝ කීහ. එම ලිපියේ ඇත්තේ ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව එකිනෙකා අතට හුවමාරු වූ ආකාරය පිළිබඳ විස්තරයක් පමණක් බවද කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
lankaadeepa
[…] […]