27 C
Negombo
27 C
Negombo

මුව ආවරණ නැත්නම් අත්අඩංගුවට

-

ප්‍රසිද්ද ස්ථානවල  මුව ආවරණ නොපලඳින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (14) දිනයේ සිට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එවන් වරදක් සිදුකරන පුද්ගලයෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බවය.

දිවයින පුරා අඛණ්ඩව එම වැටලීම් සිදුකරන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 151ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.