32 C
Negombo
32 C
Negombo

සමාජ මාධ්‍ය ඔස්සේ රට විශාලා මහනුවරක් බවට පත් කිරීමට ඇතැම් පුද්ගලයන් උත්සාහ කරනවා- රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

-

ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ රට විශාලා මහනුවරක් බවට පත් කිරීමට උත්සාහ කරන බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද(17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කොවිඩ් 19 ( තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේ එම විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඩෙල්ටා ප්‍රභේදය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වන බවට පර්යේෂකයන් තහවුරු කර ඇති බවත් මීට පෙර තිබූ ප්‍රභේදයන්ට වඩා 60%ත් 70%ත් අතර වේගයකින් මෙම ප්‍රභේද පැතිර යන බවද රාජ්‍ය අමාත්‍යවරයා හෙළි කළේ ය.කොවිඩ් වෛරස් ප්‍රභේද, රෝග ලක්ෂණ ඉහළ ප්‍රමාණයක් පෙන්වීම සහ ඔක්සිජන් මත යැපෙන ප්‍රමාණය ඉහළ බව පර්යේෂකයන් අනාවරණය කර ඇති විකෘති ප්‍රභේද බවද අමාත්‍යවරයා කීය.

එන්නත්කරණය වේගවත් කිරීම මගින් රෝගය පැතිර යාම වැළැක්වීම කෙරෙහි රජය පූර්ණ විශ්වාසය තැබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වන විට මෙරට ජනගහණයෙන් 54%කට
කොවිඩ් මර්දන පළමු මාත්‍රාව ලබා දී ඇති බවත්, ජනගහණයෙන් 21%කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බවද සඳහන් කළේය. මෙරට ට මෙතෙක් හිමිව ඇති සමස්ත කොවිඩ් එන්නත්
ප්‍රමාණය එක් කෝටි අනූපන් ලක්ෂය ඉක්මවයි.

පසුගිය සතිවල විවිධ කණ්ඩායම් විසින් මෙරට උද්ඝෝෂණ රැල්ලක් ව්‍යාප්ත කළ බව පැවසූ අමාත්‍යවරයා, මේ පිළිබඳව රජය ජනතාවගෙන් ඉල්ලා සිටියද ජනතාව ඒ කෙරෙහි ඇහුම්කන්
නොදුන් බවද, සංචරණ සීමාවන්ටද අනුකූලව නොවෙමින් මෙලෙස උද්ඝෝෂණ රැල්ල ව්‍යාප්ත කළ බවත් එම උද්ඝෝෂණ මෙහෙය වූ පිරිස් රජය විසින් මෙහි වගකීම දැරිය යුතු චෝදනා කරන බව කීය.

මෙම අසීරු අවස්ථාවේ රජය කොවිඩ් මර්දන වැඩපිළිවෙල නිසි අයුරින් කළමණාකරණය කරන බව පැවසූ අමාත්‍යවරයා, සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් මෙරට විශාලා මහනුවරක්
බවට පත් කිරීමට උත්සාහ කරන බවද කීය.

වසර එක හමාරකට ආසන්න කාලයක් තිස්සේ සිදු කරන කොවිඩ් මර්දන වැඩපිළිවෙළ හේතුවෙන් සෞඛ්‍ය අංශ විඩාවට පත්ව ඇති බව පැවසූ අමාත්‍යවරයා, යුධ හමුදාව ඒ සඳහා සහය ලබා දෙන බවද පැවසීය.

චීනය,ජපානය,ඉන්දියාව මෙන්ම රුසියාවද අපේ රටට කොවිඩ් මර්දන එන්නත් ලබා දුන් බවත් රටවල් 30කට ආසන්න ප්‍රමාණයක් කොවිඩ් මර්දනය සඳහා මෙරටට විශාල වශයෙන් ආධාර ලබා දෙන බවත් රජය මේ වන විට විදේශ සබඳතා මනා ලෙස පවත්වා ගෙන යන බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

news.lk

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.