31 C
Negombo
31 C
Negombo

ප්‍රතිරූප ජනනය කිරීම වෙනුවට මහජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමට ”වගකීම් සහගත මාධ්‍ය කලාවක්” වෙනුවෙන් කැපවෙමු

-

ප්‍රතිරූප ජනනය කිරීම වෙනුවට මහජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමට ”වගකීම් සහගත මාධ්‍ය කලාවක්” වෙනුවෙන් සියලු මාධ්‍යවේදීන්ට කැපවන ලෙස මාධ්‍ය වෘත්තිකයකු මෙන්ම වත්මන් මාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඉල්ලීමක් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (18)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සිය පළමු කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

සිතින් කයින් හා වචනයෙන් සංවර මාධ්‍ය කලාවක් ප්‍රගුණ කිරීමට සිතට ගන්නා ලෙසද සියලු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළ අමාත්‍යවරයා,කිසිඳු මාධ්‍යවේදියකුට ජාතිය , ආගම හෝ වෙනස් කිසිඳු වෙනස්කමක් සිය මාධ්‍ය භාවිතාවේ දී නොතිබිය යුතු බවත්,එය සියලු ජනතාවට සමාන විය යුතු බවත්,තමන් මෙරට මාධ්‍ය දෙස බලනුයේ මේ රාමුව තුළ හිඳිමින් බවත් කීය.

දෙස් විදෙස් හෝ රාජ්‍ය හා පුද්ගලික භේදයකින් ජනමාධ්‍ය දෙස නොබලන බවත් තමන්ට පෙර සිටි සියලු මාධ්‍ය අමාත්‍යවරු මාධ්‍ය ක්ෂේත්‍රය වෙත කර ඇති යහපත් දේ වඩා හොඳින් ආරක්ෂා
කරගනිමින් ඉදිරියට රැගෙන යාම තම අපේක්ෂාව බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම රට ඉතාමත් අර්බුදකාරී තත්වයකට මුහුණ දී ඇති මේ මොහොතේ අර්බුදයට මුහුණ පා සිටින තරුණ මහලු මෙන්ම විශේෂයෙන්ම සිසු දරුවන්ගේ දුක් ගැනවිලිවලට සිය අවධානය
යොමු කරන ලෙස සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

කැබිනට් මාධ්‍ය හමුවට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටි සියලු මාධ්‍යවේදීහු ජනමාධ්‍ය අමාත්‍යවරයාට සුභාශිංෂණ එක් කළහ

news.lk

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.