27 C
Negombo
27 C
Negombo

කොරෝනාව ගරානාවක් කරගත් මීගමුවේ හෝටල්වල ප්‍රතිකාර මධ්‍යස්ථාන මාපියාව

-

අවශ්‍ය මුලික පහසුකම් පවා නොමැතිව මීගමුවේ සංචාරක හෝටල්වල පවත්වාගෙනයන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන්ගෙන් අධික මිලගණන් අයකරනබව වාර්තාවේ .

තමන්ගේ මවුපියන් ප්‍රතිකාර සදහා ඇතුලත්කල හැපිලයිප් happy life  රෝහල නමැති ආයතනයක් විසින් මීගමුවේ සංචාරක හෝටලයක පවත්වාගෙන යන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන්  ප්‍රමාණවත් සේවාවක් ලබානොදී   අසාධාරන ලෙස රුපියල් 1015590 ක්  මුදල් අයකර ගැනීම පිලිබදව පරීක්‍ෂණයක් පවත්වා සාධාරණය ඉටුකර දෙනලෙස මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත ලිඛිත පැමිණිල්ලක්  ඉදිරිපත් කර ඇත.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සියලු පහසුකම් ඇතිබව පවසමින් රෝගීන් ඇතලත් කරගැනීමට කටයුතු කරනබවත් තමන් ලැබූ අත්දැකීම අනුව රෝගීන් සදහා  අවශ්‍ය ප්‍රමාණවත්  වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලයක් නොසිටි බවදඅසාධ්‍ය වූ තම පියා රෝහලකට මාරුකිරීම ප්‍රමාද වීම නිසා ඔහු මියගිය බවද  මෙම පැමිණිල්ල සිදුකරන ලද මිගමුව ශාන්ත ස්ටීවන් පාරේ පදිංචි ඩබ් දිලුක්ෂන් ෆොන්සේකා මහතා පවසයි.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල කිසිදු නාමපුවරුවක් ප්‍රදර්ශනය නොකරන අතර මෙනිසා එම මධස්ථාන පවත්වාගෙන යන්නේ කුමන රෝහල මගින්ද යන්න දැනගැනීමට හැකියාවක් නොමැත.

මෙනිසා   ලියාපදිංචි නොකල ප්‍රතිකාර මධ්‍යස්ථාන  පවත්වාගෙන යාමේ අවදානමක්ද පැවතිය හැකිය.

මෙම කරුණු අනුව පෙනීයන්නේ ජාවාරම් කරුවන් පිරිසක් විසින් අසරණ කොවිඩ් රෝගීන් ගේ අසරණවූ  ඥාතින් තවතවත් පිඩාවට පත්කරමින් අසාධාරණ ලෙස  මුදල් උපයන බවයි.

ජනතාව බලධාරීන් ගෙන් ඉල්ලා සිටින්නේ මෙපිලිබදව වහාම සොයාබලා මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන නියාමනය සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරනලෙසයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.