27 C
Negombo
27 C
Negombo

කොවිඩ් රෝගීන්  තලාපෙලා මුදල් හම්ම්බකරනවනම් එය බරපතල අපරාධයක් රාජ්‍ය ඇමතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

-

කොවිඩ් රෝගීන්  තලාපෙලා අසීමිත ලෙස කවුරුන්හෝ මුදල් හම්ම්බකරනවනම් එය බරපතල අපරාධයක් බවත් ඔවුන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනබවත් ප්‍රාථමික සෞඛ්‍ය සහ කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි විශේසඥ වෛද්‍ය දර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පලකලේ කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට නිවාසවල ප්‍රතිකාර ලබන  කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන්  ප්‍රතිශතය මැනීමට භාවිතාකරන ඔක්සිමීටර 50 ක් බාරදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල රාජ්‍ය ඇමතිනිය මීගමුවේ හෝටල්වල පවත්වාගෙනයන කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක අධිකලෙස මුදල් අයකරන බවට  ලැබී ඇති  පැමිණිල්ලක් පිලිබදව අමාත්‍යාංශයෙන් මේ වනවිටත් විමර්ශනයක් ආරම්භකර.ඇතිබවද පැවසිය.

එමෙන්ම කිසියම් ආයතනයක් කොවිඩ් රෝගීන්ගෙන් අසාධාරණ ලෙස ගාස්තු අයකරනවනම් ඒ පිලිබදව අමාත්‍යාංශය වෙත ලිඛිතව පැමිණිලිකරන මෙන්ද   රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

ගුවන්තොටුපොළට පැමිණෙන මගීන්ගේ  පිසිආර් පරීක්ෂණ ප්‍රමාදවීම කාලයක් තිස්සේ පවතින ගැටලුවක් බවත් නවීන තාක්ෂණය සහිත යන්ත්‍ර සවිකර පැමිණෙන ගුවන් මගින් සදහා කඩිනමින් පිසිආර් පරීක්ෂණ වාර්තා ලබාදීමට ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම මේසදහා ඇති විසදුම බවද රාජ්‍ය ඇමතිනිය පැවසිය

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලක්‍ෂ්මන් විජේසුරිය මහතා වෙත ඇමතිනිය විසින් ඔක්සිමීටර බාරදුන් අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ කටාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික තුෂාර ද සිල්වා මහතා ද ජායරුපයේ වෙති

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.