මීගමුවේ හෝටල්වල පවත්වාගෙනයන කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන විසින් අධික ලෙස මුදල් අයකරන බවට ලැබී ඇති පැමිණිලී පිලිබදව අමාත්‍යාංශයෙන් මේ වනවිටත් විමර්ශනයක් ආරම්භකර.ඇතිබව ප්‍රාථමික සෞඛ්‍ය සහ කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනි සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසිය.
එමෙන්ම කිසියම් ආයතනයක් කොවිඩ් රෝගීන්ගෙන් අසාධාරණ ලෙස ගාස්තු අයකරනවනම් ඒ පිලිබදව අමාත්‍යාංශය වෙත ලිඛිතව පැමිණිලිකරන මෙන්ද රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
මෙම මීගමුවේ හෝටල්වල පවත්වාගෙනයන කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සිදුකරන ගසාකෑම් පිලිබදව කොරෝනාව ගරානාවක් කරගත් මීගමුවේ හෝටල්වල ප්‍රතිකාර මධ්‍යස්ථාන මාපියාව යන සිරසින් අපවිසින් පළමු වරට හෙළිදරවු කළෙමු
මීගමුවේ තරුපන්තියේ නොවන හෝටල් කුලියට ගෙන ඇති ව්‍යාපාරිකයන් බෝඩ් ලෑලිවලට පමණක් සීමාවූ වෛද්‍ය මධ්‍යස්ථාන වල නම්වලින් මෙම අතර මැදි මධ්‍යස්ථාන පවත්වාගෙන යනබවද ඒවායේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක තිබිය යුතු මුලික පහසුකම් මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලයක් නොමතිබවද දැනගන්නට ඇත.
මෙවැනි ප්‍රතිකාර මධ්‍යස්ථාන මුහුනුපොතේ පලකරන ආකර්ශනීය දැන්වීම්වල කියන බොහෝ පහසුකම් එම ස්ථානවල නොමැතිබවත් තතුදත් ආරංචිමාර්ග පවසයි. ඔක්සිජන් ලබාදීම සදහා දිනකට රෝගියෙකුගෙන් රුපියල් 100000 ක මුදලක් අයකර ඇත.