24 C
Negombo
24 C
Negombo

ලංකාවත් නැවුගිල්වා ජාවාරම්කරන කල්ලතෝනි රාජ්‍යක් ……………

-

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් වඩාත් හානියට පත්වඇති වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ ව්‍යාපෘති  සුදු අලියෙකුබවට පත්ව ඇතිබවත් එම ව්‍යපෘති ක්‍රියාත්මක වීම පිලිබදව දැඩි සැකයක් ඇතිබවත්   සාගර හෙට්ටිආරච්චි පියතුමා පවසයි

පියතුමා මෙම අදහස් පලකලේ පරිසර සංවිධාන ප්‍රදේශයේ ධිවර ජනතාව එක්ව සරක්කුව වෙරළ අසල අද 12 දින  පැවැත්වූ විරෝධ තාවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි

මෙහිදී තවදුරටත් අදහස් පලකල පියතුමා වෙරළ පුරාම ප්ලාස්ටික් කැබලිගොඩගැහෙනවා නැවෙන් වූ හානිය තවමත් ගණන් බලල නැහැ  විදේශිය සමාගම් ප්‍රදේශයේ ඉඩම් අත්පත් කරගන්න මානබලනවා අපේ වෙරළ මුහුද කලපුව විනාශ කරලා ධිවරයින් පාරට දමන්න එපා ඔවුන්  රැකියාව නැතිව සුසුම් හෙලනවා

එක්ස්පර්ස් පර්ල්   නවගිනි ගැනීම ලොව මෙතෙක් සිදුවූ විශාලතම පරිසර හානියක් සිදුකල බයනකම අනතුර බව     මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් පලකල පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ මහතා පැවසිය

වැඩිදුරටත් කරුණු පැහැදිලිකල හේමන්ත මහතා  නැවේ තිබු කන්ටේනර් 1486 කින් 700 කම රසායන ද්‍රව්‍ය තිබු බවත් කන්ටේනර් 80 වක ඉතාමත් විෂ රසායන ද්‍රව්‍ය තිබු බවත් රැකව සිට මන්නාරම දක්වා කිලෝමීටර් 700 ක මුහුදු තිරයේ  ප්ලාස්ටික් ඇට විසිරි තිබෙනබවත් පැවසිය

එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ හානිය වෙනුවෙන් ලංකාවට ලැබියයුතු වන්දිය අඩුකිරීම සදහා හානිය අඩුවෙන් පෙන්වීමට  රක්ෂණ ආයතන කටයුතු කරනබවද ඒ සදහා දුෂිත නිලධාරීන් සහ ආයතන සහයෝගය දෙනබවද පැවසූ හේමන්ත විතානගේ මහතා මොරිසස් දුපත අසල සිදුවූ මෙවැනි නෞකා අනතුරක් සදහා එම රට බිලියන 90 වක වන්දියක් ඉල්ලා ඇතිබවද පෙන්වාදුන්නේය

වනජීවී සංරක්ෂණ  සංසදය වෙනුවෙන් අදහස් පලකල නයනක රන්වැල්ල මහතා ගැබුරුමුහුදේ ජිවත්වන ඩොල්පින් මසුන් වර්ග පවා මියයාමෙන් මෙම අනතුරින් සිදුවී ඇති පරිසර හානිය කොතරම් විශාලද  යන්න තේරුම් ගැනීමට ප්‍රමාණවත් බවත් අභාග්‍ය කට රජය සියල්ලම මගහරිමින් වසාදමමින් කටයුතු කරනබවත්  අප්‍රිකාව ආසන්නයේ නැව්ගිල්වා කළු ජාවාරම් සිදුකරනආකාරයට  මෙහෙම ගියොත් ලංකාවත් එවැනි කල්ලතෝනි රාජ්‍යක් වනබව කීවාය

වන්දි කමිටුව නිසි යාන්ත්‍රනයකින් නිසි ක්‍රම වේදයකින් කටයුතු නොකරනබවත් මිලියන 530 ක  වන්දික් ලබාගත හැකිව තිබු බලු ඩයමන්ඩ් නැවෙන් ඉල්ලු මිලියන 18 ක වන්දියෙන් මෙතෙක් ලැබී ඇත්තේ මිලියන් දෙකක්පමනක් බවද පැවසිය .

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් වඩාත් හානියට පත්ව ඇති වෙරල සරක්කුවයි එයට හේතුව වන්නේ වැඩිපුරම ප්ලාස්ටික් ඇට හා වෙනත් අබලිද්‍රව්‍ය ගොඩගැසුවේ සහ තවමත් ගොඩගැසෙමින් පවතින්නේ එම වෙරළට බැවිනි මෙහි  මීටර 1.5ක් පමන ගැබුරට ප්ලාස්ටික් ඇට තැන්පත්වී ඇත.

එනිසාම සරක්කුව වෙරළ  පිරිසිදු කිරීමට නව යන්ත්‍රයක් චින්තක වේරගොඩ මහතාගේ CRS Holdingsආයතනය විසින් නිර්මානය කල අතර සමුද්‍ර දූශන වැලැක්වීමේ අධිකාරිය ඔහු සමග ගිවිසුමක් අත්සන් කොට වෙරල පිරිසිදු කිරීමට කටයුතු කලේය. එම යන්ත්‍රයේ විශේශත්වය වන්නේ එමගින් ප්ලාස්ටික් නර්ඩ්ල් වැලිවලින් වෙන්කරන අතර මයික්‍රොප්ලාස්ටික් සහ තවමත් රසායනික වශයෙන් ක්‍රියාකාරී sludge එකද වෙන්කර ගැනීමයි

අදාල සමාගමට මේවනවිට එකගවූ පරදී සමුද්‍ර දූශන වැලැක්වීමේ අධිකාරිය විසින් මුදල් ගෙවීම සිදුකර නැතිඅතර යන්ත්‍රය ප්‍රයෝජනයට ගැනීම නවතා දමා ගම්වාසී කාන්තාවන් කිහිපදෙනෙකු යොදාගෙන වෙරලට තවමත් ගොඩගැසෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතුකිරිම ආරම්භ කර ඇති අතර මෙය ඉතාමත් අසාර්ථක ක්‍රියාවක් බව ජනතාව පවසති.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.