23 C
Negombo
23 C
Negombo

21 දින වෙනිදා පාසල් ආරම්භ කිරීමට සියල්ල සුදානම් -නිදහස් අධ්‍යාපනයේ උත්තරීතර අයිතිය දරුවන්ට

-

කුමන බාධා පැමිණියත් ලබන 21 දින වෙනිදා පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා රාජ්‍ය රූපවාහිනී නාළිකාවකට අඳහස් දක්වමින් මේ බව පැවසීය.

අග්‍රාමාත්‍යවරයා වෘත්තීය සමිති ඉදිරියේ පැහැදිළි තීරණය ප්‍රකාශ කළ බවත් එය අවසාන තීරණය බවත් ලබාදීමට හැකි මුදල් ප්‍රමාණය අනුව මෙම කටයුත්ත ආරම්භ කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

පාසලට නොපැමිණෙන ගුරුවරු ඇති නොවේවා..!” යැයි තමන් ප්‍රාර්ථනා කරන බව කී අමාත්‍යවරයා,නිදහස් අධ්‍යාපනයේ උත්තරීතර අයිතිය දරුවන්ට තිබෙන බවත් මේ අධ්‍යාපනය කිසිවෙකුට නොදී සිටිය නොහැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
දැනටමත් අභ්‍යාසලාභී ගුරුවරු 20,000ක් පුහුණුව ලබන බවත් ඒ සියලු දෙනාට පැමිණීමට ඉඩකඩ ඇති කර තිබේ. දැනට පාසල් පවිත්‍රකරණ කටයුතු ආරම්භ කර තිබෙන බවද  සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා සහයෝගයෙන් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.