26 C
Negombo
26 C
Negombo

තාරකා ඉබ්බන්ට 330000 ක දඩයක්

-

තාරකා ඉබ්බන් 223 ක් නිතිවිරෝධිව එක්රැස් කිරීම  ලගතබාගැනීම සහ අපනයන කිරීමට සුදානම් වීම  යන චෝදනාවලට වරද පිළිගත් ඉන්දීය ජාතිකයන් දෙදෙනකුට සහ ශ්‍රී ලාංකිකයෙකුට රුපියල් 330,000 ක දඩ මුදලක් මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දිකද සිල්වා මහතා විසින් අද 18 නියමකළේය.

ඉන්දියාවේ අංක 23/24  ෆෙයර්ඩ් බෑඩ් ලිපිනයෙහි පදිංචි කරුවෙකු බව කියන 40 හැවරදී  මාවිස් ඇරෝරා ඉන්දියාවේ නවදිල්ලි නුවර අංක 223 හි පදිංචි කරුවෙකු වන 33 හැවරදී ප්‍රින්ස් කවට්රා සහ මුල්ලේරියාව නවනගරයේ කොටිකාවත්ත යු අයි බි එච් පාරේ පදිංචිකරුවෙකු බව කියන ලක්‍ෂ පති මහවිදානේලාගේ චමින්ද නමැති තිදෙනාට මෙසේ දඩ නියමවිය.

වනසත්ව සහ වෘක්ෂලතා පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

මිගමුව පොලිසියේ දුෂණ මර්ධන ඒකකය විසින් මිගමුව කොප්පරා හන්දිය අසල සිවුමහල් ගොඩනැගිල්ලක ඉහල මාලයේ ඉබන් පෙට්ටිවල අසුරමින් සිටියදී මොවුන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබිණි.

රසායනික නොවන පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පැමිණෙන ආයෝජකයන් ලෙස මොවුන් දෙදෙනා තවත් ඉන්දීය ජාතිකයන් දෙදෙනකු සමග ශ්‍රීලංකාවට පැමිණ තිබිණි

මිගමුව පොලිසියේ උපපොලිස් පරීක්ෂක රෝහණ වික්‍රමසිංහ මහතා පැමිණිල්ල මෙහෙයවිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.