24 C
Negombo
24 C
Negombo

ලක්‍ෂ 990 ක් බහිරවයන් ගිල්ල මිගමුව වැල්ලවීදිය මාළු වෙළද පොළ මිහිපිට අපායක්

-

මිගමුව වැල්ලවීදිය නව මාළුවෙළද සංකීර්ණ වසර ගණනාවක්  තිස්සේ කිසිදු නඩත්තුවක් නොකිරීම නිසා    විනාශවෙමින් පවතින අතර මේවනවිට මිහිපිට අපායක් බවට පත්වෙමින් ඇත.

2009.9.19 දින  මෙම මාළුවෙළද සංකීර්ණය විවෘතකරමින් තබා ඇති සමරු පළකයට අනුව ලක්‍ෂ 420 ක් වියදම්කර මිගමුව සංචාරක සම්පත වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙය ඉදිකර ඇත

මේ වනවිට ඉදිකරනලද ගොඩනැගිලි සංකීර්ණයේ වැඩි කොටසක් සම්පුර්ණයෙන්ම කඩාවැටීතිබේ.

අප ජලය බැසයාමට සකස්කර තිබු කානු පද්ධතිය සම්පුර්ණයෙන්ම කැඩීබිදී යාමනිසා මත්ස්‍ය ලේ සහ ජලය වෙළද පොලතුල පාලනයකින් තොරව ගලායාමෙන් මෙහි සිටින වෙළදුන් මෙන්මමාළු මිලදී ගැනීමට පැමිණෙන  පාරිභෝගිකයන්ට  දැඩි අසීරුතාවයකට පත්වේ.

අපජලය රැස්කර පවිත්‍ර කර යලිපරිසරයට මුදා හැරීම සදහා සකස්කර ඇති  ටැංකි පද්ධතිය සම්පුර්ණයෙන්ම කැඩීබිදී  ඇති අතර එම ටැංකි වලින් පිටවන අපවිත්‍ර ජලය විශාල දුර්ගන්ධයක් ඇතිකරමින්  පරිසරය අපවිත්‍ර කරමින් ගලායයි.

අඩුමතරමින් මෙහි සිටින වෙළදුන්ට සහ පැමිණෙන පාරිභෝගිකයන්ට පරිහරණය සදහා වැසිකිලි පහසුකම් හෝ නැත.

සමරුපලකයේ සදහන් පරිදි මෙම මත්ස්‍ය වෙළදපොළ   ගොඩනගා ඇත්තේ මීගමුවේ  සංචාරක සම්පත වැඩිදියුණු කිරීම සදහාය.

පවතින තත්වය අනුව සංචාරකයන්ට මිගමුවේදී දකින්න ලැබෙන   අප්‍රසන්න  තැන්වලින් එකක්  බවට මෙම මත්ෂ්‍ය වෙළද සංකීර්ණයපත්වී ඇත

මෙම වෙළද සංකීර්ණය තුල  සිටින 250  ක් පමණ වන  වෙළදුන් ගෙන් දිනකට  රුපියල් 100 සහ 150 වශයෙන්  කඩකුලී  අයකරන අතර එම මුදල දලවශයෙන් රුපියල් 27500 කි.

ඉදිරිපස මහාමාර්ගයේ රැදීසිටින සංචාරක වෙලදුන්ගෙන්   දිනකට රුපියල් 100 සිට 500  දක්වා මුදලක් අයකරනඅතර මාළු මිලදීගැනීමට වාහන වලින් සහ යතුරු පැදි වලින්   පැමිණෙන  පාරිභෝගිකයන්ගෙන්  වාහන නැවැත්වීමේ ගාස්තුවක් ද අයකරගන්නා අතර  මෙමගින්  අවම වශයෙන් රුපියල් 6000 ක  දෛනික .අදායමක් බදුකරු එකතුකරගන්නා බව නිරීක්ෂණය විය

දල වශයෙන් දිනක අදායම රුපියල් 30000 ක් ලෙස සැලකුවහොත් මාසයකට දින 25 ක් බදු අයකළහොත්   මාසිකව රුපියල් 750000 ක අදායමක්ද වාර්ෂිකව මිලියන  9 ක බදු මුදලක් මෙම වෙළද පොලෙන් උපයාගෙන ඇති අතර පසුගිය වසර 11 තුල මිලියන 99 කටආසන්නමුදලක් උපයාගෙන ඇතිබව පැහැදිලිවේ.

රජයේ මුදල් මිලියන 42 ක්  වැයකර ඉදිකළ මෙම වෙළද පොලෙන් ලැබුණු බදු අදායමෙන් රුපියලක්වත් මිගමුව මහා නගර සභාවට බස්නාහිර පළාත් සභාවට හෝ මහා භාණ්ඩාගාරයට ලැබී නැතිබවද දැනගන්නට ලැබුණි.

මිගමුව වැල්ලවීදිය  දේවස්ථානය විසින් මෙම මත්ස්‍ය වෙළද පොළ ටෙන්ඩර් කැදවා බදුදී ඇතිඅතර බදුකරු විසින් මුදල් එකතු කරනු ලබයි.

දිනකට විශාල මුදලක් වෙලදුන්ගෙන් එකතුකර ගන්නා බවත් දේවස්ථානය විසින්  වසර දහයක් තිස්සේ කිසිදු නඩත්තු කටයුතක් සිදු නොකිරීම නිසා මෙම මසුන් අලවි සංකීර්ණය සම්පුර්ණයෙන්ම විනාශවූ බවට වෙළදුන් චෝදනාකරයි.

කඩා වැටුණු ගොඩනැගිලිවල තිබු ලක්‍ෂ ගණනක් වටිනා යකඩද දේවස්ථානයේ අනුදැනුම ඇතිව  කපාගෙන ගිය බවටද චෝදනාවක් එල්ලවිය.

මෙම කරුණු පිලිබදව වැල්ලවීදිය මීසම් පාලක සුජීව අතුකෝරාල පියතුමාගෙන් මෙම ලියුම්කරු දුරකතනයෙන් විමසීමක් කල අතර උන්වහන්සේ ප්‍රකාශ කලඅන්දමට ගොඩනැගිල්ලක් ඉදිකිරිම සදහා  අවශ්‍ය මුදල් තිබෙන අතර සැලසුමක් සකරකරඇත නමුත් මෙම   ස්ථානයේ අයිතිය තහවුරු කිරීම සදහා ඔප්පුවක් නොමැති නිසා අවසර ලබාගැනීමේ ගැටලුවක් පැනනැගී තිබේ.එය නිරාකරණය කරගැනීම සදහා ප්‍රදේශීය ලේකම් කාර්යාලය සහ වෙරළ සනරක්ෂණ දෙපාර්තමේන්තුව සමගද සාකච්චා කිහිපයක් පවත්වා ඇත.

මෙම වැල්ල කිසිවෙකුට අයිති නැහැ ලක්‍ෂ 420 ක රජයේ මුදල් වැයකර ඉදිකළ මත්ෂ්‍ය වෙළද පොලේ අදායම පුද්ගලයන් කණ්ඩායමක් විසින් පල්ලියට මුවාවී ලබාගන්නා බව මේ පිලිබදව අදහස් පලකල මිගමුව මහානගර සභාවේ  නාගරික මන්ත්‍රී වරයෙකු වන එක්සත්ජාතික පක්ෂයේ මිගමුව සම සංවිධායක ගිහාන් ප්‍රනාන්දු මහතා පැවසිය.

මෙම මත්ෂ්‍ය වෙළද පොලේ පවිත්‍රතා කටයුතු නගර සභාවෙන් සිදුකරන බවත්  කඩකුලි අයකරගැනීම ඇතුළු අනෙකුත් කටයුතු සිදුකරන්නේ වැල්ලවීදිය දේවස්ථානයෙන් බව නම හෙළිකිරීමට අකමැතිවූ මිගමුව මහනගර සභාවේ පරිපාලන නිලධාරියෙකුගෙන් විමසීමේදී පැවසිය.

මෙම ලියුම්කරු සිදුකල ගවේෂණයේදී අනාවරණය වූ කරුණු අනුව දේවස්ථානයට මෙම වෙළදපොල සදහා නිත්‍යානුකුල අයිතියක් නොමැතිබවද අනාවරණය විය.

මේ අන්දමට රජයේ ගිණුමට බැරවිය යුතු අදායම් විවිධ කණ්ඩායම් සහ පුද්ගලයන්ගේ සාක්කුවලට වැටීම වැළැක්වීමට පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමකි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.