24 C
Negombo
24 C
Negombo

මිනිසුන් අතුරු දහන්කරපු මිනිමරපු අයට කවදාවත් සුගතියක් අත්වන්නේ නෑ -කාදිනල් හිමියන්

-

අපි මේ අරගලය ලංකාව තුල පමණක් නොවෙයි  ජ්‍යාතන්තර තලයටත් රැගෙන යනවා අපේ රට ලෙයින් නහවල මිනිසුන් අතුරු දහන් කරලා මිනිමරපු අයට කවදාවත් සුගතියක් අත්වන්නේ නැතැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් කටුවාපිටිය දේවස්ථානයේදී ප්‍රකාශ කළහ

කාදිනල් හිමිපාණන් මෙම අදහස් පලකලේ පාස්කු ප්‍රහාරයට මාස තිහක් සම්පුර්නවීම නිමිත්තෙන් කටුවා පිටිය දේවස්ථානයේ පැවති දේව මෙහෙයට පැමිණි අවස්ථාවේ මීසම් වාසීන් විසින් සකස්කළ සදේශයක් බාරගැනීමේ අවස්ථාවේදීය.

මෙහිදී තවදුරටත් කරුණු දැක්වූ කාදිනල් හිමියන්  අද පාස්කු ප්‍රහාරයට මාස තිහක් ගතවන දවස මේ ප්‍රහාරයේ වින්දිත්යන්ට සාධාරණය ඉටුවීමට නම් මේ ප්‍රහාරය පිටුපස සිටි පුද්ගලයන් කවුද යන්න ඉතාමත් විනිවිද භාවයකින් සිදුකරන පක්ෂග්‍රාහි නොවන තරාතිරම නොබලා කරුණු සොයා බලන නිදහස් හා  සධාරණ පරීක්ෂණයකින් සොයා බැලිය යුතුව බව කතෝලික සභාව මුල සිටම ඉල්ලා සිටියා.

අවාසනාවකට අද වනවිට එවැනි පරීක්ෂණයක් සිදුවන්නේ නැහැ සිදුකරන පරීක්ෂණ දේපාලන බලවේගවලට අවශ්‍ය ආකාරයට  මෙහෙයවමින්  පවතිනවා   එමනිසා එම පරීක්ෂණ වලින් විනිවිදභාවය සත්‍ය ගරුකබව නිවැරදිව තේරුම්ගන්න උත්සාහයක් නැතිනිසා මේ පරීක්ෂණ වලින් අපට කිසි වැඩක් නැහැ.

ජනාධිපති කොමිසන් සභා වාර්තව ලැබිල දිනදෙකකින් ජනාධිපතිතුමා මටදුරකතනයෙන්  කතාකරල කියුවා මේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියල එතැනදීම මට පැහැදිලි උනා කොමිෂන් සභාවාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වන්නේ නැතිබව.ඒකහරියටම සනාථ වූනේදවස් කිහිපයකට පසු  ජනාධිපතිතුමවිසින් එම එතුමාගේ පක්‍ෂයේම ඇමතිවරු හයදෙනාගේ කමිටුවට නිර්දේශ ඉදිරිපත් කරන්න වාර්තාව බාරදුන් අවස්ථාවේ.

දේශපාලන මතිමතාන්තර මුදුන්පත්කරගෙන මේ පරීක්ෂණ සහ කොමිසන් සභා වාර්තා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සිදුවන නිසා විනිවිද පෙනෙන සාධාරණ යුක්තිගරුක සත්‍ය හෙළිදරවු කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බව අප විශ්වාශ කරනවා.

පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමිවූ තුවලවූ ජනතාවට ඔවුන්ගේ ඥාතීන්ට සාධාරණය ඉටුවන තෙක් මේ අරගලය නවත්වන්නේ නැහැ.

අපි ජනාධිපති තුමාගෙන් සහ මේ රජයෙන්  ඉල්ලාසිටිනවා සත්‍ය හෙළිදරවු කරන්නට අවශ්‍ය පරීක්ෂණ ස්වාධීනව  නිදහස්ව අපේඅයටත් සමබන්ද වියහැකි ආකාරයෙන්   විනිවිද පෙනෙන යාන්ත්‍රණයක් මගින් සිදුකල යුතුයි.

බොරුකතා කියල රවට්ටලා කතෝලික සභාවතුල බේදඇතිකරලා  එකිනෙකා කොටවල තමන්ට අවශ්‍ය දේ කරගන්න උත්සාහ කරනවානම් එය ජයග්‍රණය කරන්නට දෙවියන් වහන්සේ   ඉඩදෙන්නේ නැහැ

.බලය තිබෙන අය සියලු දේවල් සගවනවා ජනාධිපති කොමිසම පැහැදිලිව කියල තිබෙනවා ගතයුතු ක්‍රියාමාර්ග ඇයි ඒවා ක්‍රියාත්මක නොකර තෝරාතෝරා ඉන්නේ මොකක් හරි රහසක් හංගන්න දෙයක් තියෙනවා මොනවාද හංගන්නේ මේ වරදට සම්බන්ද නැත්නම් මේ කුමන්ත්‍රණය පිටිපස්සේ නැත්නම්  ඇයි අවශ්‍ය පරීක්ෂණ කරන්න ඉඩනොදෙන්නේ ඇයි බයවෙන්නේ අපි දේශපාලන ලෝකයේ කිසිම නායකයෙකුට බය නැති බවද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන් තවදුරටත් ප්‍රකාශ කළහ.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.